‘අපට මුහුණ දීමට සිදු වන්නේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්’ – ජනාධිපති

0

අපට ඉදිරියට මුහුණ දීමට සිදු වන්නේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සහ නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (නොවැ. 30) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

කෙටි කාලීන, මධ්‍ය කාලින සහ දීර්ඝ කාලීන ලෙස ආපදා තත්ත්වයෙන් විනාශ වූ රට යළි ගොඩනැගීම අපගේ අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

අප රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව ත් අපි දියත් කොට ඇත්තේ මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා තවදුරට ත් පැවසුවේ, 2025 අයවැය ලේඛනයෙන් වෙන් කොට තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපූරක ඇස්තමේන්තු හරහා, පාර්ලිමේන්තුව හරහා නව ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව ය.

එමගින් අවතැන් වූ ජනතාවගේ ආහාරපාන, සෞඛ්‍ය, සනීපාරක්ෂක කටයුතු ඉටුකරගත හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

මෙම ආපදාව කළමනාකරණය කර ගැනීම සහ කාර්යක්ෂමව රට ගොඩනැගීමට ඉවහල් කර ගන්නවා හැරණු කොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් පනවනු ලැබූ හදිසි නීතිය උපයෝගී කර නොගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ජනාධිපති කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ…



Under the courtesy of ceylontoday.lk







ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!