මේ වනවිට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට මෙන්ම විස්සයි – 20 කණ්ඩායමට අත්වී ඇති ඉරණම අමුතුවෙන් කිවයුතු නැත. පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන්නේ සිම්බාබ්වේ සමග දෙවැනි තරගයයි. පළමු තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව ලැබුවේ අවමන් සහගත පරාජයකි. ඉන්පසු දෙවැනි විස්සයි – 20 තරගය පැවැතුණේ පාකිස්තානය සමගය. එම තරගයත් පරාජය වූයේ කිසිදු තරගයක් නොදීය. ඒ අනුව විස්සයි – 20 තුන්කොන් තරගාවලියේ මේ වනවිට තරග දෙකක් පරාජය වී තිබේ. තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයට යෑමට නම් ඉතිරි තරග දෙකම ජයග්‍රහණය කිරීම ඉතාමත් අත්‍යවශ්‍යය. එය ජයග්‍රහණය කිරීම හුදුමහත් ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද ඇත්තේ අවිශ්වාසයකි. පසුගිය විස්සයි – 20 තරග 5ක් එක මිටට මේ වනවිට පරාජය වී ඇත. පරාජය වීමේ දෛවය කොතරම් ද යන්න මනාව ප්‍රත්‍යක්ෂ වන්නේ රට පුරාම සිටින ක්‍රීඩකයන් මේ වනවිට පාකිස්තානයට කැඳවීමයි. එහෙත් කැඳවූ ක්‍රීඩකයන් කිසිවකුට තරගයක් ජයග්‍රහණය කිරීමට තරම් දායකත්වයක් දීමට අපොහොසත් වී තිබේ.
තරග පරාජයෙන් පසු දසුන් ශානක කියාසිටියේ අපි මෙහෙම ක්‍රිකට් ගහන්න ඕන කණ්ඩායමක් නොවේ. අපි මීට වඩා හොඳ කණ්ඩායමක් යන්නයි.
ජනිත් ලියනගේ ද කියාසිටියේ කණ්ඩායමේ පසුබෑමට ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව අයදින බවයි. ක්‍රීඩකයන් කෙසේ කීවත් සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අවශ්‍ය ජයග්‍රණය පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් ඇත්තේ ඉතිරි තරග දෙක හෝ ජයගෙන අවසන් මහ තරගයට යෑමට ඉතා ධෛර්යවත්ව ක්‍රීඩා කිරීමයි. සියලු ක්‍රීඩකයන් එකමිටට එකා මෙන් සුපුරුදු දස්කම් අතරට පැමිණීමයි. එසේවුවහොත් යළිත් ක්‍රීඩා ලෝලීන් කිසිවෙක් බැණ නොවදිනු ඇත.
පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමි තෙවැනි තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 6.30ට ආරම්භ වීමට නියමිතය. එය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයයි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි – 20 තරග 9ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 7ක ජය හිමි වී තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි. තරග 2ක ජය සිම්බාබ්වේට හිමි වී තිබේ.
ෂක්‍ක් විස්සයි – 20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වැනි ස්ථානයේ වන අතර සිම්බාබ්වේ 12 වැනි තැන හිමිකරගෙන සිටියි. පාකිස්තානය සිටින්නේ 07 වැනි ස්ථානයේයි.
Under the courtesy of divaina.lk