මෙරට ළමා ජනගහනයේ තියුණු හා අඛණ්ඩ අඩුවීමක්

0

මෙරට ළමා ජනගහන  අනුපාතයේ  තියුණු හා අඛණ්ඩ අඩුවිමක් දක්නට ඇති බැව්  ජන
ලේඛන හා සංඛ්‍යාලේඛන  දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති  වාර්තාවක සදහන් වේ.

මෙරට ළමා ජනගහන අනුපාතය 1946 වර්ෂයේ දි  (0-14 වයස් කාණ්ඩය) සියයට 40-42ක්  අතර අනුපාතයක පැවතුණි. 2024 වර්ෂයේ දි ළමා ජනගහන අනුපාතය සියයට 20 දක්වා පහත වැටි තිබුණි.දරු උපත් සංඛ්‍යාව  අඛණ්ඩව පහත වැටිම, විවාහ ප්‍රමාදවිම, උසස් අධ්‍යාපනයට  සහභාගිවිම වැඩිවිම, ළමා ජනගහනය අඩුවිමට  ප්‍රධාන වශයෙන් හේතුවි තිබුණි.

ළමා ජනගහනය අඩුවිම අනාගතයේ දි ශ්‍රම සැපයුම පටුවිම සදහා ප්‍රධාන හේතුවක් විය හැකි බවද මෙම වාර්තාවේ සදහන් වේ. මෙම ගැටළුව  ශ්‍රමබලකායේ පලදායිතාවය  ඉහළ  නැංවිම මගින්  විසදාගැනිමට කටයුතු නොකළහොත්  සමස්ත ආර්ථිකයේ ප්‍රසාරණය සිමාවනු  ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

Under the courtesy of ada.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!