පහළොස් හැවිරිදි දැරියකගේ ගෙලට පිහියක් තබා අතවර කරලා

0
පහළොස් හැවිරිදි දැරියකගේ ගෙලට පිහියක් තබා ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියාගේ මිතුරකු වන 50 හැවිරිදි පුද්ගලයකු තණමල්විල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දැරියගේ පියා සමග මත් පානයට ඇබ්බැහිවී සිටින අයෙකි.

එදින ඔවුන් දෙදෙනා එකට මත් පානය කර ඇති අතර පියා නිවසෙන් පිටව ගොස් සිටි අවස්ථාවේදී සැකකරු දැරියගේ ගෙලට පිහියක් තබා බියගන්වා නිවසේ වත්ත පහළට කැඳවාගෙන ගොස් අතවර කර ඇත.

දැරිය නිවසේ නොමැති බව දැනගත් පියා ඒ පිළිබඳව සොයා බලන විට දැරිය අසල ළඳු කැළෑවේ සිට පැමිණ ඇත.

ඇය විසින් සිද්ධිය පිළිබඳව මවට පැවසීමෙන් අනතුරුව මව සහ දැරිය තණමල්විල පොලිසියට ගොස් පැමිණිලි කර තිබේ. අසල්වැසියකු වන සැකකරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත්කර තිබේ. තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

Under the courtesy of divaina.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!