ඇමරිකානු ප්‍රහාරවලින් හවුති කැරලිකරුවෝ 53ක් මරු දකී

0
ඇමරිකා එක්සත් ජනපදය විසින් දකුණු දිග යේමනයේ පිහිටි හවුති කැරළිකරුවන්ගේ මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ඉකුත් සති අන්තයේ සිට එල්ල කරමින් සිටින ගුවන් ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු 53 දෙනකු මිය ගොස් ඇති බව හවුති කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ. රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවලට හවුති කැරළිකරුවන් විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව එම කැරළිකරුවන්ගේ මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම ඇරඹූ බව ඇමරිකාව පවසයි.

මේ අතර ඇමරිකාව පවසා ඇත්තේ සිය ප්‍රහාරවලින් මියගිය පිරිස අතර හවුති කැරළිකරුවන්ගේ ප්‍රධානීන් ද සිටින බවයි. මේ අතර හවුති කැරළිකරුවන්ගේ සංවිධානයේ නායක අබ්දුල් මලික් අල් හවුති පවසා ඇත්තේ ඇමරිකාව විසින් යේමනයට පහරදෙන තාක්කල් සිය සංවිධානය රතු මුහුදේ යාත්‍රා කරන ඇමරිකානු නැව්වලට පහර දෙන බවයි.

Under the courtesy of divaina.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!