හිටපු පොලිස්පති දේශබන්දු තෙන්‍නකෝන් අප්‍රේල් 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2023 දෙසැම්බර් 31 වන දා මාතර, වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වන දා වරෙන්තු නිකුත් කළේ ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේ ය.
එමෙන් ම, අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, දේශබන්දු තෙන්නකෝන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
එම නියෝගය මත දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ නිවස ඇතුළු ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සෝදිසියට ලක්වුවද දින 19ක් පුරා ඔහු සොයා ගැනීමට එම දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුණේ නැත. ඊයේ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූයේ එවන් වාතාවරණයක් තිබියදීය.
Under the courtesy of ceylontoday.lk