බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම වාර්තාව පිළිබඳව කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ත් ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කරනු ලැබ තිබේ.
සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.