කැලෑ ගිනි ඇතිවීම වළක්වා ගැනීම පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ඊයේ (පෙබ. 24) සිට මාර්තු 2 දක්වා ගිනි පාලන සතියක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයත් සමග දිවයින පුරා කැලෑ ගිනි ඇතිවීමේ ප්‍රවණතාවයක් මතු වී ඇති අතර මෙම ගිනි ඇති වීමෙන් පසු නිවා දැමීම ඉතා අසීරුය.
එමෙන් ම, එමගින් සිදුවන පරිසර හානිය නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැක.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ ඇතිවන කැලෑ ගිනි විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වන අතර ලැව් ගිනි තත්ත්වයන් බව මේ දක්වා මෙරටින් වාර්තා වී නැති බව ත් ය.
Under the courtesy of ceylontoday.lk