මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ.
එම හේතුවෙන් මෝල් හිමියන් වී මිල දී ගැනීම සඳහා ලබාගත් ණයවලින් වෙනත් කටයුතු සිදුකරන්නේ දැයි සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුකම් යටතේ මිල දී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමටද රජය සූදානම් වේ.
ඇතැම් වී මෝල් හිමියන් වී මිල දී ගැනීම සඳහා ලබාගත් ණයවලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකු වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබාගෙන ඇති බවට මෙහිදී තොරතුරු පවතින බැවින් රජය මෙවර වී මෙට්‍රික් ටොන් 250,000ක් මිල දී ගැනීමට අවශ්‍යව ඇති අතර කුඩා වී මෝල් හිමියන් ද වී මිල දී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමු වී ඇත.
නැවත සහල් හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ පිළිබඳ අනාවරණය වූයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පෙරේදා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ අවස්ථාවේදීය.