‘අපරාධ රැල්ල මඬින්න රජය ගන්නා පියවර කුමක්ද?’- විපක්ෂ නායක සජිත් අසයි

0

සංචාරක ක්ෂේත්‍රයට පවා බලපෑම් ඇතිවිය හැකි රටේ අපරාධ රැල්ල මැඬපවත්වන්න රජය ගන්නා පියවර කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (පෙබ. 25) ප්‍රශ්න කළේ ය.

එසේ ම, මෙම ඝාතන සංස්කෘතිය, අපරාධ රැල්ල රටේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් වන අතර මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහය උපයෝගී කරගෙන මෙම විනාශකාරීන් නීතිය හමුවට ගෙනැවිත් ගන්නා පියවර කවරේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බැවින් ඊට පිළිතුරු දෙන ලෙසත් ඔහු සඳහන් කළේ ය.

අද වන විට සමාජයේ සියලු දෙනා බියෙන් සැකෙන් සිටින බවත් පසුගිය දා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදේශක කාරක සභාවේ රට තුළ ක්‍රියාත්මක වන අපරාධ රැල්ල ගැන සාකච්ඡා වූ බව ත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා පැවසුවේ එහිදී මෙම අපරාධ රැල්ල මැඬපවත්වන්න විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ය.

එම නිසා මෙම අපරාධ රැල්ල මැඬපවත්වන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන ඒ වෙනුවට අපරාධ මර්දන නීතිය තවදුරටත් ශක්තිමත් කරන ලෙස විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට සංචාරක ක්ෂේත්‍රය වර්ධනය වෙමින් පවතින අවස්ථාවක සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට ද මෙය විශාල ගැටලුවක් බැවින් එය ආර්ථිකයට ද බලපෑම් එල්ල කරන නිසා ඒ ගැන තවදුරට ත් අවධානය යොමුකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!