Sunday, March 12, 2023

බිළිඳෙකු දුම්රිය වැසිකිළියේ අත්හැර දමා යාම: බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක්

බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් තුළ කූඩයක තබා සිටියදී සොයා ගන්නා ලද බිළිඳාගේ මව අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන් ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැලකිලිමත් වීමකින් තොරව සැකකාර කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම හා ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන බව ය.

අදාළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව වහා ම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කරනු ලැබ ඇත.

මාර්තු 10 වන දින රාත්‍රී කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් තුළ කූඩයක තබා සිටියදී සොයා ගත් බිළිඳාගේ මව මාර්තු 11 වන දින බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කොළඹ කොටුවේ සිට – මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ‘මීනගයා’ රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිළියේ අත්හැර ගොස් සිටියදී එම බිළිඳා පසුගිය 10 වනදා රාත්‍රියේ සොයාගත්තේ ය.

බිළිඳෙකු දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත වහා ක්‍රියාත්මක වූ කොටුව දුම්රිය ආරක්ෂක අංශය එහි ගොස් පරීක්ෂා කර තිබිණි.

ඒ අනුව, කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ අදාළ බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගැණිනි.

මෙම සිද්ධිය මාධ්‍යයෙන් වාර්තා වීමත් සමග බණ්ඩාරවෙල පොලිසියේ විශේෂ ඒකකයට බිළිඳාගේ මව යැයි සැක සහිත කාන්තාවක සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී තිබුණු අතර එම තොරතුරට අනුව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේ නිවසකට ගොස් තිබුණේ එම කාන්තාව සොයාගැනීම සඳහා ය.

ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කාන්තාව බිළිඳාගේ මව බවට තහවුරු කර ගැනීමට පොලිසියට හැකි විය.

අනතුරුව බණ්ඩාරවෙල පොලිසියේ විශේෂ ඒකකයේ තවත් නිලධාරීන් පිරිසක් ගොස් 25 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී ඇය පවසා ඇත්තේ, තමා රාජගිරිය ප්‍රදේශයේ යහළුවෙකුගේ නිවසේ සිට කේක් නිෂ්පාදනයට දායකවී සිටි බව ත් එම කාලය තුළ ඇතිවූ ප්‍රේම සබඳතාවක් මත ගැබ් ගැනීම සිදුවූ බවත් ය.

පසුව මෙම කාන්තාව සහ පෙම්වතා වසරක පමණ කාලයක් රාජගිරිය ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් කාමරයක ජීවත්ව තිබේ.

පසුගිය 25 වන දා දරුවා බිහි කිරීමෙන් පසු එම කුලී නිවසේ කාලය ගත කර ඊයේ පස්වරුවේ දරුවා, පියාට භාර දී බස් රථයක නැගී ඇය බණ්ඩාරවෙල බලා පැමිණ ඇත.

ඒ අනුව, බිළිඳා ඊයේ රාත්‍රියේ මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ තබා ගොස් ඇත්තේ පියා විසිනි.

සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි දරුවාගේ පියා ද කොස්ලන්ද ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

ඔහු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබන අයෙකි.

ඔහු පොලිසියට පවසා තිබුණේ, තමාත් දරුවාගේ මවත් අවිවාහක බැවින් දරුවා ලැබුණු පසු ඒ පිළිබඳව මව්පියන්ට පැවසීමට මව අකමැති වූ නිසා දරුවා දුම්රියේ දමා යන්නට තීරණය කළ බව ය.

කවුරුන් හෝ දරුවාව රැගෙන ගොස් හොඳින් හදා වඩා ගනී වී යැයි සිතා ඔවුන් දරුවාව දුම්රියේ තබා ගියට බව පවසා තිබේ.

තවදුරටත් ඔහු පවසා ඇත්තේ, ඔන්ලයින් රැකියාවක නිරත වන තමන් දරුවා බහා තිබූ ප්ලාස්ටික් කූඩය ද එලෙස ඔන්ලයින් ගෙන් වූ එකක් බව ය.

කෙසේ වෙතත් දරුවා සහ මව භාර ගැනීමට සූදානම් බව පියා පොලිසියට පවසා තිබේ.


අත්අඩංගුවට ගත් බිළිඳාගේ මව සහ පියා අද (මාර්තු 12) බණ්ඩාවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර එහිදී බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනත් ද සිල්වා නියෝග කර ඇත්තේ, ඔවුන් මාර්තු 15 වන දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් බදුල්ල බන්ධනාගාරයට යොමු කරන ලෙස ය.

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka