කුරුකුලාව ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියකට අමානුෂික ලෙස පහර දුන් කාන්තාව රාගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ පටය පදනම් කරගෙනයි.
දැරියගේ මව මියගොස් ඇති අතර ඇය පියාගේ දෙවැනි විවාහයේ බිරිඳ වන මෙම කාන්තාව සමඟ ජීවත් වන බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පියා විදේශයක සිට නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන අදාළ කාන්තාව දැරියට පහරදෙන වීඩියෝව ෆේස්බුක් වෙත මුදාහැර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු සිකුරාදා සවස වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.