පොතුහැර, වදාකඩ ‘ශ්‍රී ගෞතම බෞද්ධ මන්දිරය’ නමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවට සමානව නිර්මාණය කළ ව්‍යාජ දළදා මාලිගාවේ වහලය ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ මැදිහත්වීම මත උන්වහන්සේලාට අවනත වී “සම්පූර්ණයෙන් ම ගලවා දැමීමට” එහි නිර්මාතෘ ජානක සී. සේනාධිපති ඊයේ (ජන. 8) කටයුතු කළේ ය.
මෙම දළදා මාලිගාවේ අනුරුව ඉදිකිරීම සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු ප්‍රධාන මහ සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ ඇතුළු විවිධ සංවිධාන විරෝධය පළකිරීමට පටන් ගැනීම නිසාත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා එම ස්ථානයට ම ගොස් මෙම ගොඩනැඟිල්ල කඩා ඉවත් කරන ලෙස ත්, මෙම මස 11 වන දා තමා එහි පැමිණෙන බවට ත් දැනුම් දී තිබිණි.
කුරුණෑගල – විජේසිංහ වැලිකන්ද, කුරුණෑගල – රවිඳු සූරියබණ්ඩාර
under the courtesy of mawbima.lk news web