Sunday, January 22, 2023

අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියලත් එයා කියල තිබ්බ සප්‍රයිස් එකක් දෙන්න ඇස් දෙක වහගන්න කියල පිහියෙන් ඇන්නා සැකකරුගේ පාපොච්චාරණය


චතුරිව එදා දවසේ මරන්න හිතාගෙන මම තුන් තැනකට ඇයව එක්ක ගෙන ගියා. නමුත් ඒ තැන්වල කවුරු හෝ මා දිහා බලාගෙන ඉන්න බව දැණුන නිසා ඇයව එක්ක ගෙන තුරඟ තරග පිටියට ආවා යැයි කොළඹ තුරඟ
තරග පිටිය පිටුපස පාපන්දු සම්මේලනය අසල පඩිපෙලක් මත සිය පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ කොළඹ සරසවියේ පසිඳු චතුරංග සිසුවා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිය පෙම්වතිය මරා දැමීමට හේතුව හැඩූ කඳුලින් කියන්නට වූයේ එසේය.

“මට ලොකු බයක් තිබුණා චතුරි මාව දාල යයි කියල. චතුරි වෙන කෙනකුට අයිතිවෙයි කියල ලොකු බයකිනුයි මම හිටියේ. එයා මාස කිහිපයකට කලින් මට කිව්වා අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියල. ඒ නිසා මම හැම තිස්සේම හිටියේ එයා මට නැති වෙයි කියල බයෙන්. යැයිද ඔහු පවසා ඇත.
සිය පෙම්වතියව අහිමි වේයැයි කියා ඔහුට බියක් ඇතිවී තිබෙන්නේ ඇය විසින් ඔහුට අවස්ථා කිහිපයකදීම දෙදෙනා නොගැලපෙන බව කියා තිබීමය. ඇයට එසේ ඔහුට පවසන්නට සිදුව ඇත්තේ මෙම සිසුවා දිගින් දිගටම ඇගේ නිදහසට බාධා කරමින් පිරිමි ළමුන් සමඟ පවා කතාබහ කිරීමට තහංචි පනවමින් ඒ ගැන රණ්ඩු සරුවල් වන්නට පටන් ගැනීම නිසාය.

“ එයා මගෙත් එක්ක කිහිප අවස්ථාවක්ම තරහා වුණා. ඒත් අපි ආයිත් යාළු වුණා.“ යැයිද සිසුවා පොලිසිය හමුවේ කියා තිබුණේය.

දෙදෙනා පෙරේදා තුරඟ තරග පිටිය වෙත යන්නේද පෙරවරු 11.30ට පමණ දේශන අවසන්ව එහි ගොස් පෙම්බස් දොඩන්නටය.

“ එයත් එක්ක කතාකරමින් ඉන්නකොට මට හිතුනා එයා මාව අතහැර යයි කියල. අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියලත් එයා කියල තිබ්බ නිසා මට හිතුනා වෙන කෙනකුට එයාව අයිති වෙන්න දෙන්න බැහැ කියල. “සැකකාර තරුණයා විසින් සිය පෙම්වතියගේ ගෙල කපා දැමුවේ යැයි කියන්නේ මෙම සිතුවිල්ලත් සමඟිනි.

සිය පෙම්වතිය තමාට අහිමි වන්නේ නම් ඇයව වෙන කිසිටවකුට අයිති වන්නට නොදෙන බවට වූ සිතුවිල්ල මෙම සැකකාර සිසුවාගේ සිතේ නිතරම රැඳී තිබූවක් බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. වෙන කිසිවකුට හිමි නොවන්න ඔහු තීරණය කරගෙන සිට ඇත්තේ ඇයව මරා දමන්නටය. කල්තියාම ඔහු ඊට සූදානම්ව සිට ඇති බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඔහු සිය ගමන් මල්ලෙහි කුඩා පිහියක් තබාගෙන සිට ඇත්තේ ඒ නිසාය. එම පිහිය ඔහු මිලදී ගෙන ඇත්තේ වැල්ලම්පිටියේ වෙළඳ සැළකින් බවද දැන් පොලීසිය හෙළිකරගෙන හමාරය. පෙම්වතිය මරාදැමීමේ චේතනාවෙන් ඔහු සිට ඇති බවට ඔහුගේ කටඋත්තරවලින් පෙනී යන බව ද පොලිසිය පවසයි.

ඇය මෙහිදී තැන් තුනකට රැඟෙන ගොස් ඇති අතර එහිදී කවුරු හරි තමන් දිහා බලා ඉන්න බව දැනෙන නිසා ඒ තැන්වලදී ඇයව මරා දැම්මේ නැති බව ඔහු පවසා ඇත. ඒ අනුව අවසන් වරට තුරඟ පිටියට රැඟෙන ගොස් ඇති අතර තව නම් ඇවින්න බැරි යැයි චතුරි පවසා තිබේ. සප්‍රයිස් එකක් දෙන්න ඇස් වහ ගන්න යැයි කියලා ඇයගේ ගෙල කපා දැමූ බව ද ඔහු පවසා තිබේ. පසුව ඇය දෑස් හැර කෑ ගසා තිබෙන අතර ඔහු දිව විත් දුම්රියට පැන දිවි නසා ගැනීමට දෙවරක් උත්සාහ දරා ඇති නමුත් දුම්රිය පැමිණෙන විට අදහස වෙනස් කර ගෙන නැවත වැල්ලම්පිටිය සිය නිවෙසට ගොස් ඇත. බෑගය සහ මුදල් පසුම්බිය එහි තබා නැවත කොහිලවත්තට පැමිණ කැලණි ගඟට පැන තිබෙන අතර පිහිනීමට දැන සිටි නිසා ගිලි නොයා පිහිනා විත් නැවත ගොඩට පැමිණ ඇති ඔහු තෙත පිටින්ම ත්‍රිරෝද රියක නැඟ සිය නිවෙසට යළිත් පැමිණ තිබේ. ඒ අවස්ථාවේදීම පොලිසිය පැමිණ ඔහු රැඟෙන විත් ඇත. ඔහුගේ මව ඔහු බැලීමට පොලීසියට පැමිණ ඇත්තේ රාත්‍රියේ වන අතර බත් පතක් ද පිස ඇය රැඟෙන විත් තිබූ අතර ඔහු එය එක් ඇටයක් වත් ඉතිරි නොකර අනුභව කර ඇති බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ තරුණයාගේ නිවෙසට අප යන විට නිවෙසේ කිසිවකු නොසිටි අතර ඔහුගේ අසල්වැසියකු වන කේ.එස් වීරසිංහ මහතා ෙමසේ ඔහු ගැන කීවේය. මේ තරුණයා බොහෝම අහිංසක පුද්ගලයෙක් විදියට ගමේ ජීවත් වෙන්නේ. මෙහෙම දෙයක් කළා කියලා කියනකොට හිතා ගන්නත් බැහැ යනුවෙනි.

මේ තරුණයා බොහොම අහිංසක විදියට ගමේ ජීවත් වෙන්නේ. කිසිම කෙනකුට කරදරයක් නැහැ. ගෙදර ඉන්නවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ගෙදරට වෙලා එයයි, නංගියි දෙන්නා පාඩම් කරන එක තමයි කරන්නේ. එයාගේ අම්මයි තාත්තයි වැඩට යනවා. මේ දෙන්නා ගෙදරට වෙලා පාඩම් කරන එක තමයි වැඩේ. කිසි කෙනකුට කරදරයක් නැති අහිංසක පවුලක්. අවුරුදු තුනකට කලින් සියදිවි හානිකර ගන්න ගියා. මෙයා බලාපොරාත්තු වුණු කැම්පස් එකට යන්න ලැබුණේ නැහැ කියලා හිතේ අමාරුවට එල්ලිලා මැරෙන්න ගියා. එයාගේ නංගි ස්කෝලෙට ඇරලලා ගෙදර ඇවිත් ගේ පිටිපස්සේ තමයි එල්ලිලා තියෙන්නේ. ඒ වෙලාවෙත් අපි තමයි ඒක දැකලා ඉක්මණින් රෝහලට අරන් ගිහින් ජීවිතේ බේරා ගත්තේ.

දවස් හතරක් පහක් විතර දැඩි සත්කාර ඒකකයෙත් හිටියා. කොහොම හරි ජීවිතේ බේරුණා. ඒත් එදායින් පස්සේ මේ ළමයා ටිකක් වෙනස් වුණා. වැඩියෙන් කේන්ති යනවා. අපි දන්නා තරමින් මානසික අසනීපයකට බෙහෙතුත් ගන්නවාලු. කොහොම හරි මේ ළමයාට සමාජ ඇසුරක් නැහැ. ගෙදරටම වෙලා ඉන්නවා. පෙරේදා රෑ මේ සිද්ධිය වුණායින් පස්සේ ගඟට පැන්නා මැරෙනවා කියලා. ඒ වෙලාවෙත් බේරාගෙන තියෙනවා. මේ ළමයා ගමේ පාසලෙන් ඉගෙන ගෙන තමයි කැම්පස් ගියේ. මේ ළමයාගේ අම්මා තේ කර්මාන්ත ශාලාවක සේවය කරනවා. තත්තා විවිධ ව්‍යාපාර කටයුතු කරනවා‘ යැයි පැවසීය.

මේ අතර අදාළ තරුණයා ජීවත්වන ප්‍රදේශයේ පදිංචි අසංක කුමාර මහතා සඳහන් කළේ,

‘මේ ළමයාගේ පවුලේ කට්ටිය ගමට ආවේ මම දන්න විදියට අවුරුදු පහකට හයකට විතර කලින්. ගැහැණු ළමයෙක් මරලා දැම්මා කියලා අපිට ආරංචි වුණා. අපිට ඇත්තටම හිතා ගන්න බැහැ ඒ ළමයා එහෙම දෙයක් කරයිද කියලා. මොකද ගමේ ජීවත් වෙන්නේ හරිම අහිංසක විදියටයි. කිසිම කෙනකුට කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අපිත් කනගාටු වෙනවා මෙහෙම දෙයක් කළා කිවුවම. සමහර විට කේන්තියකින් මෙහෙම දෙයක් කරන්න ඇති‘ යැයි සඳහන් කළේය.

සරසවි සිසුවිය ඝාතනය කළ වැල්ලම්පිටිය, කොටුවිල, උස්වත්ත පාරේ පදිංචිකරුවකු වන පසිඳු චතුරංග ද සිල්වා නමැති සරසවි සිසුවා වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ආදි ප්‍රදේශවල 9,10,11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වන්නකුව සිටියේය. ඔහු කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

ගයාන් කුමාර වීරසිංහ, මහින්ද අලුත්ගෙදර


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka