කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ධූරයෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.
එහිහ් දැක්වෙන්නේ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මෙම වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහ නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස ධූරයෙන් ඉවත් කරන බව ය.
ඒ අනුව, 2022 වසරේ දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත.
එමගින් පුරප්පාඩු වන නගරාධිපති ධූරයේ රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා තිබේ.
අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.
under the courtesy of mawbima.lk news web