Monday, January 9, 2023

“සේපාල් අපේ කෙනෙක් නෙවෙයි”

මැතිවරණයක් කිට්ටු වෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. 

“සේපාල් අමරසිංහ කියන්නේ යූටියුබ් ක්‍රියාකරුවෙකු මිස අපේ කෙනෙක් නොවෙයි. ආණ්ඩුවයි, විපක්ෂයයි ‘පැනික්’ වෙලා ජවිපෙට මඩ ගහනවා,” යැයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

“කිලිටි මජර දේශපාලනයේ බලය ගන්නා එකම තුරුම්පුව ජාතිය, ආගම බවත් මේ දෙගොල්ල ම දන්නවා” යැයි ද ජවිපෙ නායකයා පැවසුවේ පෙරේදා (ජන. 7) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සේපාල් අමරසිංහගේ ප්‍රකාශය පිළිබඳ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මැතිවරණයක් කිට්ටු වෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. ජනාධිපතිවරණය වෙලාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ දිනයේ රාත්‍රියේ නාග ලෝකයෙන් නාගයෙක් ඇවිත් රටට සුබ පණිවුඩයක් දෙනවා කියලා කතාවක් හැදුවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝඨාභය හදලා තිබුණු බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ ‍ෙදාස්තරලා නිර්මාණය කළා. එහි උච්චස්ථානය තමයි පාස්කු ප්‍රහාරය. අදටත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගන්න බැරිවුණා.

තමන්ගේ බලය වෙනුවෙන් එවැනි විනාශකාරී දේවල් නිර්මාණය කළ පාලකයෝ අපේ රටේ ඉන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මිනිසුන්ගේ නිදහස සංවර්ධනය වැනි දේවල් පිළිබඳ සාකච්ඡා කරනවා වෙනුවට ජාතිය, ආගම, ජාතික ආරක්ෂාව වගේ සංවේදී දේවල් සමග කරන දේශපාලන සූදුවක් තිබෙනවා. ඒ සූදුව තමයි මේ පටන් අරගෙන තිබෙන්නේ. ඔබ කියන සේපාල් අමරසිංහ ජාතික ජන බලවේගයේ හෝ ජවිපෙ ක්‍රියාකාරිකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක ඉන්න පුද්ගලයෙක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කළේ ගෝඨාභය රාජපක්ෂ කඳවුර. ඒත් පුද්ගලයන්ට වෙනස් වෙන්න පුළුවන්.


ඔහු යූටියුබ් ක්‍රියාකරුවෙක්. අපිට සම්මුඛ සාකච්ඡාවලට ආරාධනා කළා. අපි හැංගෙන්නේ නැති නිසා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වුණා. ඔහු අපි ගැන ඇගයීම් වගේ ම, අපි ගැන විවේචනාත්මක කරුණු ඉදිරිපත් කර තිබෙනවා. දැන් ආණ්ඩුව විතරක් නෙවෙයි ඒ පිළිබඳව විපක්ෂ නායකයාත් විවිධ කතා. ඒ නිසා බුදු දහම පිළිබඳවත් එම සංස්කෘතිය පිළිබඳවත් නිසි මැනීමක් සහ ඇගයීමක් අපිට තිබෙනවා. ආණ්ඩුවත්, ‘පැනික්’ වෙච්ච කණ්ඩායමත් මේක අපිට සම්බන්ධ කරන්න දරන උත්සහය විහිළුසහගතයි.”
 
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka