කුරුණෑගල නගරයේ පිහිිටි කඩා බිඳ දැමූ පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගොඩනැගිල්ල බුවනෙකබා රජුට සම්බන්ධ බවට මහාවංශයේ හෝ වෙනත් ස්ථානයක කිසිදු ලිඛිත සාධකයක් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.
ගොඩනැ`ගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් නිශ්චිතව පැහැදිලි කර ගත යුතු බවත් එය බුවනෙකබා රජුට සම්බන්ධ බවට කියන කතාව ජනප‍්‍රවාදයක් බවත් සෙනරත් දිසානායක මහතා පැවසීය.
එම රාජ සභා මණ්ඩප ගොඩනැ`ගිල්ල කඩා දැමීමේ සිද්ධිය සොයා බැලීම සඳහා පත්කළ විද්වත්
කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපය තුළ අගමැතිවරයාට භාර දෙන බව ද මෙම ගොඩනැ`ගිල්ල විනාශ කිරීම පිටුපස ඉතා සංකීර්ණ සිද්ධිදාමයක් තිබෙන බවද සෙනරත් දිසානායක මහතා ඊයේ (21දා) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙම විනාශය පිටුපස එක් අයකු නොව කිහිප දෙනකු සිටින බවත් ඒ පිළිබඳව සුක්‍ෂ්මව සොයා බලා වැරදිකරුවන් නිවැරදිව හඳුනා ගත යුතු බවත් හෙතෙම පැවැසීය.
මෙම ගොඩනැ`ගිල්ල ඩෝසර් කර විනාශ කිරීමට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගය පුළුල් කිරීමේදී ෙඓතිහාසික ගොඩනැ`ගිල්ලට හානියක් සිදු වී තිබුණු බවත් පසුව මෙම ගොඩනැ`ගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදු නොකළ බවත් ඒ පිළිබඳව තමා පුද්ගලිකවම පොලිස්පතිවරයා වෙත දන්වා සිටි බවත් සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
under the courtesy of divaina.com news web