රුපියල් හැටපන්දහසක් පමණ වටිනා ජංගම දුරකථනයකුත් ලග තිබිලා
මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ කෝවිලක උත්සවයකට සහභාගි වී සිටි අට හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ ළාබාල වියේ පිරිමි ළමයින් දෙදෙනකු මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ළමයින් දෙදෙනා වයස අවුරුදු 12 හා 14 වියේ පසුවන පළාතේම ළමයින් දෙදෙනෙකි.
කෝවිල් උත්සවයට ගිය දැරිය කෝවිල අසල පිහිටි වැවක් අසලට කැටුව ගිය මෙම පිරිමි ළමයින්
දෙදෙනා ඇයට වධ හිංසා කොට ලිංගික අතවර කිරීමට තැත් කොට තිබේ.
මේ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව පිරිමි ළමයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කොට තිබේ.
අත්අඩංගුවට ගත් පිරිමි ළමයින් දෙදෙනාව පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී වයස අවුරුදු 14 ක් වූ ළමයා ළඟ තිබී රුපියල් හැටපන්දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පිරිමි ළමයින් දෙදෙනා මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුදුකුඩිඉරිප්පු පොලිසිය පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
under the courtesy of gossip.hirufm.lk news web