Wednesday, July 22, 2020

කුඩු ජාවාරමෙන් නාකොටික් නිලධාරීන් කෝටි 10 1/2 ක් උපයලා... ව්‍යාජ වැටලීම් ජයටම රගපාලා

සැකකාර නිලධාරීන් විසින් ජාවාරම්කරුවන්ට සැටලයිට් දුරකථන ලබාදීලා

සැකකාර පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙන පැමිණ ඇති හෙරොයින් ප‍්‍රමාණය අති විශාල බවත් 2017 වසරේ සිට මහා පරිමාණයෙන් සිදුකර ඇති එකී ජාවාරමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකාර නිලධාරීන් රුපියල් දස කෝටි 50 ලක්‍ෂයකට අධික මුදලක් උපයාගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (21 දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට පෙන්වා දුන්නේය.

එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම කරන අතුරතුරදීම ව්‍යාජ වැටලීම් කර බෙදාහරිනු ලැබූ මත්ද්‍රව්‍ය තොග අතරින් කොටසක් ආපසු අත්අඩංගුවට ගැනීමේ ර`ගපෑම ද කර ඇති සැකකාර නිලධාරීන් නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී ඉරාන ජාතිකයන් පිරිසක් සමග මෑතකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 279 අතරින් විශාල ප‍්‍රමාණයක්
ඉවත් කර ඒවාද යළි ජාවාරම්කරුවන්ට අළෙවි කළ බවට සාක්‍ෂි අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පැවසීය.

තමන්ට ජාත්‍යන්තර මුහුදේ සිට මෙරටට හෙරොයින් රැුගෙන ඒමට උදව් කළ බෝට්ටුකරුවන්ට හා සිය ඔත්තුකරුවන් ලෙස යොදාගත් පිරිසට රුපියල් කෝටි ගණනින් තුටුප`ඩුරු දී ඇති සැකකාර නිලධාරීන් සම්බන්ධයෙන් නිසි අධීක්‍ෂණයක් සිදු නොකළ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එකී ජාවාරම්වලට වගකිවයුතු යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට කීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන මෙම නඩුවට පාදකවූ බැ?රුම් විමර්ශනය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සක‍්‍රීය දායකත්වය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ එම කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළාය. එකී සැකකාර නිලධාරීන් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා යාමට පෙර මල්වට්ටි රැුගෙන කතරගම වන්දනාවේ ගොස් එහිදී ලබාගත් ඡුායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර ඇති බවත් එහිදී කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැටලීම් කරනා නිලධාරීන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කළ යුතු යැයි පවසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පැවැත්වූ දැනුවත් කිරීමේ දේශනයට පැමිණි මාධ්‍යවේදීන්ව බෙල්ලෙන් අල්ලා එළියට දැමීමට පොලිසිය උත්සුක වූ බවද අධිකරණයට පැවසීය.

මෙකී ජාවාරම්කාර පොලිස් නිලධාරීන්ට එකී ජාවාරම් සඳහා අවශ්‍ය සන්නද්ධ ආරක්‍ෂාව පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අංශයක රාජකාරි කරන නිලධාරීන් දෙදෙනකු විසින් ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී නිලධාරීන් දෙදෙනාට එරෙහිව ද ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද ප‍්‍රකාශ කළේය.

මේ වන විට රැුඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන උදාර නමැති උප පොලිස් පරීක්‍ෂකවරයා ධීවර රැුකියාව සිදුකරන එකී බෝට්ටුකරුවන් හමුවට පැමිණ සිය රාජකාරි හැඳුනුම්පත පෙන්වා ‘‘මේක රජයේ වැඩක් ඔයාලට ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ’’ කියා පවසා වියදම් සඳහා මුදල් ලබාදී ලබාදුන් තොරතුරු අනුව මාලදිවයින්  දියඹ මැදින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගිය බවත් දින 3-4 කින් පසුව පැමිණි බෝට්ටුවක් පොහොර බෑග් 10 ක දැමූ හෙරොයින් කිලෝ 243 ක් හා ගිනි අවි කිහිපයක් ලබාදුන් බව හා ඒවා ගොඩබිමට රැුගෙන පැමිණි පසු පැමිණි නාකොටික් නිලධාරීන් තමන්ට රුපියල් 15,001000 ක් ලබාදී ඒවා රැුගෙන ගිය බවට බේරුවල ප‍්‍රදේශයේ පදිංචි එක් බෝට්ටුකරුවකු ප‍්‍රකාශ ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එම බෝට්ටුකරුට අමතරව තවත් විශාල පිරිසකට මෙම සැකකාර නිලධාරීන් විසින් සැටලයිට් දුරකථන ලබාදී අවස්ථා කිහිපයකදීම ගැඹුරු මුහුදේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙරටට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් රැුගෙන ඒමට සහාය ලබාගෙන ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී සැටලයිට් ජංගම දුරකථන සඳහා බිල්පත් ගෙවීම් සිදුකර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බවට මේ වන විට අනාවරණය වී ඇතැයිද පෙන්වා දුන්නේය.

මේ වන විට බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳින කැමිලස් නමැත්තා විසින් දුරකථනයෙන් ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 243 ක් මෙරටට බෝට්ටු මගින් රැුගෙන ඒමට පොරොන්දු වූ අයකු ඒ පිළිබඳව සිය හිතවතකු මඟින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට ඔත්තුවක් ලබාදී ඇති බවත් ඒ අනුව එකී හෙරොයින් තොගය මෙරටට ගෙන ඒමට එකී පොලිස් පරීක්‍ෂකවරයා සියලූ කටයුතු සංවිධානය කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

කැමිලස් පිල්ලේ නමැති සිරකරු පෙර කී සාක්‍ෂිකරුගේ බිරිඳගේ ගිණුමට රුපියල් ලක්‍ෂ හයක මුදලක් ඒ සඳහා වියදම් ලෙස බැරකළ පසු ඉන් රුපියල් ලක්‍ෂයක මුදලක් තබාගෙන ඉතිරි රුපියල් ලක්‍ෂ පහක මුදල සැකකාර පොලිස් පරීක්‍ෂකවරයාට ලබාදුන් බවට මෙන්ම 2020 අපේ‍්‍රල් 24 හෝ 25 වැනි දිනක හෙරොයින් කිලෝ 225 ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්‍ෂකවරයකු තමාට දැනුම් දුන් බව එකී සාක්‍ෂිකරු ප‍්‍රකාශ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳව තමා කැමිලස් නමැත්තාට දැනුම් දුන් පසු කිලෝ 225 නොව කිලෝ 243 ක් තිබිය යුතු බව මෙන්ම පිස්තෝල පහක් ද ඒ සමග තිබිය යුතු බව කැමිලස් දැනුම් දුන් නිසා ඒ පිළිබඳව විමසීමේදී තිබුණේ හෙරොයින් කිලෝ 225 ක් හා පිස්තෝල පහක් පමණක් බවත් පිස්තෝල තම නිලධාරීන් බෙදාගත් බව එකී උප පොලිස් පරීක්‍ෂකවරයා ප‍්‍රකාශ කර ඇතැයි එකී සාක්‍ෂිකරු ප‍්‍රකාශ කර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය. බලපිටියේ සිට මිනුවන්ගොඩ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කර කැමිලස් ලබාදුන් හාල් මලූවල හෙරොයින් සැඟවීම සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින්ම සිදුකර පසුව ඔවුන් විසින්ම දන්වා අත්අඩංගුවට ගත් බව දැන ගැනීමට ලැබුණ බවත් පසුව පැමිණි එකී සැකකාර පොලිස් නිලධාරීන් එම සාක්‍ෂිකරුට අවස්ථා දෙකකදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාදුන් බවට ද සාක්‍ෂිකරු අනාවරණය කර ඇතැයි ද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින 13 වැනි සැකකාර පොලිස් කොස්තාපල්වරයා එකී ජාවාරමේ මූල්‍ය කටයුතු භාර ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කර ඇති බවත් ඔහු භාරයේ තිබී රුපියල් ලක්‍ෂ 325 ක මුදලක් සොයා ගැනීමට හැකි වී ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එයට අමතරව සැකකරුවන් භාරයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වාහන 14 ක්, රන් පවුම් 20 ක්, රුපියල් මිලියන 33 ක් වටිනා ඉඩකඩම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

සැකකරුවන් කිහිපදෙනකුට අයත් බැංකු ගිණුම් 43 ක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 46 ක මුදලක් මහාධිකරණයේ නියෝගයෙන් මේ වනවිට තහනමට ලක්කර ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා 2013 වසරේ සිට සිදුකර ඇති එකී ජාවාරමේ කටයුතු 2017 වසරේ සිට මහා පරිමාණයෙන් සිදුකිරීම නිසා සැකකරුවන් අති විශාල ධනයක් උපයාගෙන ඇතැයි ද පෙන්වා දුන්නේය.

එලෙස ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලබාගත් මත්ද්‍රව්‍ය තොග, ගිනි අවි මෙරට සිටින ජාවාරම්කරුවන් මඟින් අලෙවි කළ බවට සැකකාර නිලධාරීන්ට එරෙහිව ප‍්‍රමාණවත් සාක්‍ෂි මේ වනවිටත් අනාවරණය වී ඇති බවත් එකී ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් ද අත්අඩංගුුවට ගැනීමට සිය දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දසවන සැකකාර සමීර වන්නිනායක භාරයේ තිබී අත්අඩංගුවට ගත් ටී-56 ගිනිඅවි සඳහා යොදන ජීව උණ්ඩ 6 ඇතුළු ජීව උණ්ඩ 7 ක් සමග වසන්ත කුමාර නමැති සැකකරු සඟවා තිබියදී අත්අඩංගුවට ගත් පිස්තෝලය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කළාය.

රජයේ අධිනීතිඥ කසුන් සරත්චන්ද්‍ර, රජයේ අධිනීතිඥ තිවංක ආටිගල යන මහත්වරුන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත දිසානායක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියහ.

 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka