Friday, April 17, 2020

මෙන්න සමාජ මාධ්‍ය කළඹන අලුත්ම Pillow Challenge එක ට කාන්තාවෝ හිටිය හැටි - Photos

මේ වනවිට Pillow අභියෝගයට කාන්තාවන් වැඩි ප්‍රමාණයක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලිය වශයෙන් ව්‍යාප්තවීමත් සමග බොහෝ රටවල් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.එදිනෙදා කාර්යබහුල ජීවිතයක් ගත කළ බොහෝ පිරිස් මේ වනවිට සිය නිවෙස් තුළටවී ඉතා අලසව සිටින බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම කාලය තුළ එම පිරිස දැඩි ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන අතර එහිදී එකිනෙකා වෙත විවිධ අභියෝග එල්ල කරන ආකාරයක් පසුගිය දිනවල දැකගැනීමට හැකි වුණා.
 
මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ කර ඇති නවමත අභියෝගය ලෙස Pillow Challenge හදුන්වා දිය හැකියි.
 
සාමාජ මාධ්‍ය භාවිත කරන ඕනෑම අයෙකුට මෙම අභියෝගයට ඉදිරිපත් විය හැකි වනවා.
 
අදාළ අභියෝගය භාරගන්නා පුද්ගලයින් සිදු කළ යුත්තේ, කොට්ටයක් ඇදගෙන ලබාගත් ඡායාරූපය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කිරීම පමණයි.
 
මෙහි ආරම්භකයා ජර්මනියේ රූපලාවන්‍ය හා විලාසිතා බ්ලොග් නිර්මාණකාරිනියක් වන කට්ජා බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
 
ඇයි විසින් පළ ඡායාරූපය සම්බන්ධයෙන් විවිධ පිරිස් අදහස් පළ කිරීමත් සමග මෙය අභියෝගයක් ලෙසට පරිවර්තනය වී ඇති බව සදහන්.
 
ප්‍රකට විලාසිතා ශිල්පිනියක වන ඉතාලියේ රමෝනාද නිරෝධායනයේ යෙදී සිටියදී මිතුරෙකු විසින් අභියෝගයට ලක් කළ පසුව සරල සුදු කොට්ටයක් උපයෝගී කරගනිමින් මෙම අභියෝගයට එක් වුණා.
 
ඇය කළු බඳ පටියක් සහ උස සපත්තු යුවලක් මගින් දැඩි ආකර්ෂණයක් ලැබි තිබුණා.
 
මේ වනවිට Pillow අභියෝගයට කාන්තාවන් වැඩි ප්‍රමාණයක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.එමෙන්ම පිරිමි පුද්ගලයින් ද අදාළ අභියෝගය භාරගෙන ඇති ආකාරය ද දැක ගැනීමට හැකි වනවා.  
 
under the courtesy of gossip.hirufm.lk news web
 




















 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka