Friday, April 17, 2020

අල් කාසිම්වල නව හැවිරිදි දැරියකටත් කොරෝනා වැළෙ`දයි... නිරෝධායන මධ්‍යස්ථානයෙන් අංගොඩට එවයි

ඇය අල් කාසිම් නිවාස යෝජනා ක‍්‍රමයෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිත 62 හැවිරිදි පුද්ගලයා හා දෙමව්පියන් සමග මන්නාරම තාරාපුරම් ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වී තිබේ.

පුත්තලම අල්කාසිම් නිවාස සිටි යෝජනා ක‍්‍රමයෙන් මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයට යවා තිබූ නව හැවිරිදි දැරියකට කොවිඞ් 19 වෛරසය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වීමෙන් පසු
අංගොඩ බෝවන රෝගායතනයට යොමුකර තිබේ.
 

මෙම දැරිය සිය මව සමග මින්නේරිය කටුකෙලියාව යුද හමුදා නිරෝධායන ඒකකයේ නිරෝධායනය වෙමින් සිටියදී 16 වෙනි දින සිදුකළ වෛද්‍ය පරික්ෂණ වලදි කොවිඞ් 19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත.
 
ඇය අල් කාසිම් නිවාස යෝජනා ක‍්‍රමයෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිත 62 හැවිරිදි පුද්ගලයා හා දෙමව්පියන් සමග මන්නාරම තාරාපුරම් ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වී තිබේ.
 
62 හැවිරිදි පළමු ආසාදිතයා පසුගිය 7 දින කොරෝනා බවට සනාථ වීමෙන් පසු ප‍්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝගායතනයට යවා තිබේ. මෙම පළමු ආසාදිතයාගේ වැඩිමහල් පුත‍්‍රයාද 15 දින කොරෝනා ආසාදිතයකු ලෙස සනාථවීමෙන් පසු අංගොඩ බෝවන රෝගායතනයට යොමුකිරීමට සෞඛ්‍යය බලධාරීන් කටයුතු කර ඇත.
 
මේ අනුව සෞඛ්‍ය අංශ හා බුද්ධි අංශ මෙම ආසාදිත වැඩිහමල් පුත‍්‍රයා ‍ඇසුරු කළ පිරිස් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පැවසීය.   
under the courtesy of divaina.com. news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka