Friday, April 17, 2020

බලවතුන් කියාගන්නා පිරිමි පාලනය කරන රටවල්වලට වඩා කාන්තාවන් පාලනය කරන රටවල් කොරෝනා පරදා ජයගත් හැටි

ඒ නිසා ඔවුන්ගේ රටවල් තුළ ආසාදිතයන් හමුවීම වගේම මරණ සිදුවන්නේත් සීමා සහිතව

ලෝකය පුරා මහා ව්‍යවසනයක් සිදුකරමින් පැතිර යන කොරෝනා වසංගතය මේ වෙද්දී රටවල් විශාල ගණනක සාමාන්‍ය යාන්ත්‍රණය අක්‍රීය කරලයි තියෙන්නේ. තමන්ට හැකි උපරිමෙන් මේ වසංගතයෙන්
ගැළවෙන්න හැම රටක්ම තමන්ට හැකි උපරිමෙන් උත්සහ කරමින් ඉන්නවා.

මේ අතරේ කොරෝනා වසංගතය උපරිමයෙන්ම පාලනය කරගනිමින් මහජනතාවට උපරිම සේවයක් ලබා දෙන රටවල් කිහිපයක් සම්බන්ධයෙන් මේ දවස්වල මුළු ලෝකයේම අවධානය හිමිවෙලා තියනවා.

ජර්මනිය, නවසීලන්තය, පින්ලන්තය, බෙල්ජියම, අයිස්ලන්තය, ඩෙන්මාර්කය, තායිවානය කියන මේ රටවල් කිහිපය තමයි මේ වෙද්දී කොරෝනා වසංගතය උපරිමයෙන්ම පාලනය කළ රටවල් බවට පත්වෙලා තියෙන්නේ.

ඒ නිසා ඔවුන්ගේ රටවල් තුළ ආසාදිතයන් හමුවීම වගේම මරණ සිදුවන්නේත් සීමා සහිතව. මේ රටවල්වල එන එක්තරා විශේෂත්වයක් තියනවා.

මොකද මේ ඉහතින් කියපු රටවල් කිහිපයේම ප්‍රධාන වගකීම් දරන්නේ කාන්තාවන්. ලෝක නායකත්වයෙන් 7%කටත් වඩා අඩු කාන්තා නියෝජනයක් තුළ මේ රටවල් කිහිපය ලබා ඇති ජයග්‍රහණය ගැන කතා නොකරම බැහැ.

තායිවානයේ ජනාධිපති  Tsai Ing-wen, ජර්මන් චාන්සලර් Angela Merkel, නවසීලන්ත අගමැතිනිය Jacinda Ardern, ෆින්ලන්ත  අගමැතිනිය Sanna Marin, බෙල්ජියම් අගමැතිනී Sophie Wilmès, අයිස්ලන්තයේ අගමැතිනිය Katrín Jakobsdóttir, ඩෙන්මාර්කයේ අගමැතිනී Mette Frederiksen යන අය තමයි මෙහෙම බොහොම සාර්ථකව කොරෝනා වසංගතය පාලනය කරගැනීමට සමත්කම් දක්වලා තියෙන්නේ.

කොහොම වුනත් කොරෝනා වෛරසය සඳහා උපරිම පාලනයක් ඇති කරගත් රටවල් හතේම පාලනය ගෙනයන්නේ කාන්තාවන් වීම විශේෂත්වයක් බවයි මුළු ලෝකයේම පිළිගැනීම.


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka