ගින්නෙන් පිළිස්සි ගිය දියණියගේ සිරුර මුලින් හමුවිය.මීටර් 200ක් දුරින් වළක තිබී පියාගේ සිරුර සොයා ගනු ලැබීය.
බලන්ගොඩ රුක්අත්තන ප්‍රදේශයේ වෙලෙඳ සැලක ගිනිගැනීමෙන් මියගිය පියා සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබෙනවා. සිද්ධියෙන් තුවාල වූ මව සහ පුතු තුවාල ලබා රෝහල් ගත කර තිබුනා.
ඊයේ දිනයේ අලුයම තුනට පමණ මෙම ගින්න ඇතිවි තිබේ .ගින්නෙන් පිළිස්සි ගිය දියණියගේ සිරුර මුලින් හමුවිය. නිවෙසට මීටර් 200ක් දුරින් වළක තිබී පියාගේ සිරුර සොයා ගනු ලැබීය.
ඊයේ පස්වරු 2 ට පමණ ඔහුගේ සිරුර සොයා ගෙන තිබේ. ගිනිගත් වෙලෙඳ සැලේ පිලිස්සී ගිය දියණියගේ සිරුර හමුවු නමුත් පියාගේ සිරුර හමුවූයේ නැති නිසා පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව අවට පරික්ෂා කිරිමේදි වෙළදසැලේ සිට මීටර් 100ක් පමණ දුරින් ලිඳක වැටී තිබු එස් ඩි.සුමනපාල මහතාගේ සිරුර හමුවිය.
වෙලෙඳ සැල තුළ රතිඤ්ඤා සහ භුම්තෙල් මෙන්ම ඉන්ධන ද විකිණිමට තිබු බැවින් ගින්න පැතිරී යාමට එයද හේතුවක් වෙන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
කහවත්ත එල්.නිරෝෂණ
under the courtesy of mawbima.lk news web