මෙම අවාසනාවන්ත අකල් මරණයට ගොදුරු වූ ගුරු මව කාලයක් දරුවන් නොමැතිව සිට මෙම දරුවන් තිදෙනා පිළිබඳව නොතිත් සෙනෙහසකින් පසුව ඇත
කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහලේ සේවය කළ ගුරුමාතාවක් තුන් නිවුන් දරු උපතකින් පසුව කොළඹ ප්‍රාදේශයේ පෞද්ගලික රෝහලකදී මියගොස් ඇතැයි යන අතිශය ශෝකජනක පුවතක් පූගොඩ
පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් අකල් මරණයට ගොදුරුව ඇත්තේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පළමුවැනි වසරේ ඉගැන්වීමේ කටයුතු කළ සදුනී පීරිස් නමැති 29 හැවිරිදි යොවුන් ගුරු මාතාවකි.
පූගොඩ ගිරිදර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති එතුමිය පළමු දරු ප්‍රසූතිය සඳහා කොළඹ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ඇතුළුවීමෙන් පසු ඉකුත් 9 වැනිදා පිරිමි දරුවන් තිදෙනකුට මෙලොව එළිය දැකීමට වාසනාව ලබාදී ඇති අතර දරු ප්‍රසූතියෙන් පසුව නාරාහේන්පිට පිහිටි වෙනත් පෞද්ගලික රෝහලකට 10 වැනිදා රෝගියා මාරු කර යවා ඇති අතර 11 වැනිදා ගුරු මව එම රෝහලේදී මිය ගොස් ඇත.
මෙම අවාසනාවන්ත අකල් මරණයට ගොදුරු වූ ගුරු මව කාලයක් දරුවන් නොමැතිව සිට මෙම දරුවන් තිදෙනා පිළිබඳව නොතිත් සෙනෙහසකින් පසුවූ බව ඇගේ අකල් මරණයෙන් ශෝකයට පත් තතු දත් පිරිස පැවැසීය.
පූගොඩ ගිරිදර ප්‍රදේශයේ සිය ව්‍යාපාරික සැමියා සමඟ එතුමිය පදිංචිව සිට ඇත. අවසන් කටයුතු සදුදා සිදු කිරීමට නියමිත යැයි නිල නොලත් මාර්ග සඳහන් කළේය.
කැලණිය _ කුසුම් එස්. හැන්නදි
under the courtesy of mawbima.lk news web