Tuesday, April 14, 2020

විදුලිබල මණ්ඩලයේ සේවා හැඳුනුම්පත අවභාවිත කළ තරුණ යුවලක් අත්අඩංගුවට

   
තරුණයා නොරොච්චෝල විදුලි බලාගාරයේ සේවය කරන කැකිරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක අයෙකි

විදුලිබලමණ්ඩලයට අයත් හැඳුනුම්පතක් අවභාවිත කරමින් ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු හා තරුණියක් හම්බන්තොට මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට
ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුද්ගලික ඇප මත නිදහස් කර තිබෙනවා.

පසුව කොරානා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා හම්බන්තොට මහ රෝහලේ අදාළ වාට්ටුවට ඔවුන් දෙදෙනා ඇතුළත්කර තිබේ .

අදාළ තරුණයා නොරොච්චෝල විදුලි බලාගාරයේ සේවය කරන කැකිරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක අයෙකි. තරුණිය නුවර පිළිමතලාව ප්‍රද්ශයේ පදිංචි වයස අවුරුදු 20 ක තැනැත්තියකි.

ඔවුන් පසුගිය දින කීපයක් තිස්සේ මෙලෙස මෙම හැඳුනුම්පත් භාවිතා කරමින් සංචරයේ යෙදී ඇති අතර පසුව පසුගිය 12 වනදා තංගල්ල ප්‍රදේශයට පැමිණ එහි අවන්හලක රාත්‍රීය ගතකර අද දින (13) තිස්ස දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හම්බන්තොට ගබඩා හන්දියේ ස්ථාපිතකර  ඇති මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට


under the courtesy of mawbima.lk news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka