Friday, April 17, 2020

'සෞඛ්‍ය ඇමති අපේ ආරක්ෂාව ගැන බලන්නේ නෑ- ග්‍රාම නිළධාරීන් වැඩ වරද්දලා'

ලේඛන වල අඩුපාඩු තියෙන එකද, රු 5000 ගෙවීමේදී මුදල් අවභාවිතා කිරීමට තිබූ අවස්ථාව ගිලිහී යාම ද කියන ගැටළුව අපට තියෙනවා

සමෘද්ධි නිළධාරීන්ගේ විශය භාර සෞඛ්‍ය ඇමතිනියට තම නිළධාරීන්ගේ ආරක්ෂාව ගැන කිසිඳු තැකීමක් නොකරන බවත් ග්‍රාම නිළධාරීන් තම වගකීම නිසි ආකාරයෙන් ඉටු කර නැති බවත් සමෘද්ධි
නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

'කෙසේ නමුත් මෙම කොරෝනා වසංගතය හමුවේ ජනාධිපති වරයාගේ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට සමෘද්ධි නිලධාරී සංගමයේ අපි සහයෝගය දෙනවා' යැයි සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ඩී ප්‍රියන්ත අද (17) කුරුණෑගල දී පැවසුවා.

'මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් ලක්ෂ 24 ට සහ අභියාචනා ඉදිරිපත් කළ පවුල් වලට රුපියල් 5000 බැගින් ලබා දී අවසන්. දෛනික රැකියා කරන අඩු ආදායම්ලාභී පවුල් වලටත් රුපියල් 5000 දීමනාව ලබා දෙන්න රජය තීරණය කර තිබෙනවා'

'එම වගකීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වන බව එම සංවිධානය නිවේදනය කරල තියෙනවා.

ඒ ඇයි කියන ප්‍රශ්නය අපට තියෙනවා. රුපියල් 5000 ඔවුන්ට ගෙවීමට නොදුන් එකද, ඔවුන් සකස් කළ ලේඛන වල අඩුපාඩු තියෙන එකද, රු 5000 ගෙවීමේදී මුදල් අවභාවිතා කිරීමට තිබූ අවස්ථාව ගිලිහී යාම ද කියන ගැටළුව අපට තියෙනවා.'

වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,

'අපිටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ විෂයභාර ඇමතිතුමිය සෞඛ්‍ය ඇමැතිනිය. ඇය අසමත් වෙලා තියෙනවා අපේ නිලධාරීන් ගේ සෞඛ්‍ය ගැන හිතන්න. ආරක්ෂාව ගැන හිතන්න. මේ කිසිවක් ගැන හිතන්නේ නැතුව අපි කොරෝනා වසංගතය දුරු කිරීමට සහාය දෙනවා. අපි අපි ගැන, අපේ පවුල ගැන නොසිතා කොරෝනා උවදුර තියෙන ගෙවල්වලට පවා යනවා.

'අපි කියනවා ග්‍රාම නිලධාරි වරුන්ට බැරි නම් ඉවත් වෙන්න. මේ පවුල් සංගණනය කරල තියෙන විදිහත් අපට ගැටළුවක්. ඡන්ද නාම ලේඛන වල තියෙන පවුල් ගණන නෙවෙයි මේ ලේඛණ වල තියෙන්නේ.'

'අපි සෞඛ්‍ය ඇමැති තුමිය ගෙන් ඉල්ලා සිටිනවා අපේ නිලධාරීන් ගේ ආරක්ෂාව ගැන හිතන්න. ඇගයීමට ලක් කරන්න මේ 20 දාට පෙර. 

'මේ වෙන විට එක් ගෘහයක් රුපියල් 5000, 10000, 15000 වැනි මුදල් ලැබිලා  තියෙනවා. රජයේ අපේක්ෂාව එය නොවෙයි. එක ගෘහයකට රුපියල් 5000 ක්. එතැන තියෙනවා වැඩිහිටි ආධාර, ආබාධිත ආධාර. මේ වැරැද්ද කරල තියෙන්නෙ ග්‍රාම නිලධාරීන්.'

'ග්‍රාම නිලධාරීන් හදපු ලේඛන වල මාසික ආදායම රුපියල් ලක්ෂය වැනි මාසික ආදායම තියෙන අයත් ඉන්නවා. සාධාරණ නැහැ මේ ලේඛන. ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් නම් කිරීම පිළිබඳ ගැටළුවක් තියෙනවා. ඇමති තුමිය කීවා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මේ කටයුත්ත කරන්න.'

'අපි ජනාධිපතිවරයාට අනතුරු අගවනවා. මේ රුපියල් 5000 දෙන්නේ සමෘද්ධි අරමුදල් වලින් නම් කොරෝනා උවදුර ඉවර වන විට සමෘද්ධි ව්‍යාපාරය අවසන් විය යුතු නැහැ. අවුරුදු 25 පැවති මේ මහජන අරමුදල් වලින් ගොඩනැගුණු ව්‍යාපාරය රැක ගන්න කියලා.'

'දේශපාලනඥයෝ ඡන්ද පොරොන්දු විදිහට සමෘද්ධි දීමනා වැඩි කරන එකට, සමෘද්ධිලාභීන් වැඩි කරන එකට අපි විරුද්ධයි. 2015 ජනාධිපතිවරණයේදී රු.1500 කිව තිබුණ මුදල රු.3000 කළා.  හැබැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැරදුනා. ජයග්‍රහණය කළේ නැහැ. ඊට පස්සේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දයේ දී සමෘද්ධි ආධාර රුපියල් 500 කින් වැඩි කළා. ඒකත් පැරදුනා.'

'පසුගිය ආණ්ඩුව කිසිම දැනුම්දීමකින් තොරව පවුල් ලක්ෂ හයකට සමෘද්ධි  දුන්නා 100% ක්ම දේශපාලනීකරණය කරලා දුන්නෙ. ප්‍රාදේශීය දේශපාලන නායකයෝ තමා මේ පිරිස නම් කළේ. නමුත් ආණ්ඩුව ගෙදර ගියා.'

'ඒකෙන් පේනවා සමෘද්ධි දීමනාව වැඩි කළා කියලවත්. ප්‍රතිලාභීන් වැඩිකළා කියලවත් රජයන් වලට පවතින්න බැහැ. අපි මේ ව්‍යාපාරයේ ඉන්න අය විදිහට කියනවා සුදුසු අය නියමිත පරිදි තෝරා ගත යුතුමයි. අනවශ්‍ය අය  ඉවත් කළ යුතුමයි.'

කුරුණෑගල ජයන්ත දිසානායක


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka