Friday, April 17, 2020

පාස්කු ඉරිදා ප්‍රහාරයට 21දාට වසරයි වරදකරුවන්ට තරා තිරම නොබලා දඬුවම් දෙන්න

පහනක් හෝ ඉටි පහනක් දල්වා මියගිය අයට ගෞරව පුදන ලෙස අගරදගුරු  කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටිති.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරෙන ලබන අඟහරුවාදා (21දා) පෙරවරු 8.45ට මිනිත්තු දෙකක නිහඬතාවක් පළකරමින් මියගිය හා විපතට පත්වූවන් සිහි කරන ලෙස කොළඹ අගරදගුරු  කාදිනල්
මැල්කම් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටිති.

එදින පෙරවරු 8.47ට පහනක් හෝ ඉටි පහනක් දල්වා මියගිය අයට ගෞරව පුදන ලෙසත් කොරෝනා වයිරසය නිසා කලින් සංවිධානය කර තිබූ අනුස්මරණ උත්සව සියල්ල අවලංගු කර ඇතැයිද උන්වහන්සේ කීහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් මැල්කම් හිමිපාණන් මෙසේද පැවැසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කරන පරීක්ෂණ නිසියාකාරව සිදුකර ඊට සම්බන්ධ අයට එරෙහිව නීත්‍යනුකූලව දඬුවම් ලබාදිය යුතුයි.

මෙය පාස්කු ප්‍රහාරයට හසු වී මියගිය අයට කරන යුතුකමක් සේම එය අනාගත පරපුර වෙනුවෙන් ඉටු කරන යුතුකමක් බවද උන්වහන්සේ කියා සිටියහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරගෙන යන විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට මෙන්ම අනෙකුත් සියලු දෙනාට ස්තූතිය පුදකරන බවද කාදිනල් හිමිපාණෝ එහිදී කීහ.

වරද සාධාරණීය කළ නොහැකි බවද මේ හරහා කිසියම් ආගමකට හෝ ජාතියකට පහරදීම අර්ථකථනය නොකරන බවද මෙම සිද්ධිය පිටුපස සිටින්නේ නොමඟ ගිය අන්තවාදී පිරිසක් යැයිද උන්වහන්සේ පැවැසූහ.

කතෝලික අයෙක් වරදක් කළත් ඒ අයට වුවද දඬුවම් ලබාදිය යුතු බවත් එනිසා රටේ පවතින නීතියට අනුව මෙම සිද්ධියට සම්බන්ධ පිරිසට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බවද කාදිනල් හිමිපාණන් ඊයේ (16දා) කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියහ.  


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka