Saturday, April 18, 2020

දවසකට රෝගීන් 30ක් වාර්තා වෙද්දිත් දකුණු කොරියාවේ 66%ක් ඡන්දය දාලා

ඡන්ද නිලධාරීන් ඇස් ආවරණ සහ හිස සිට දෙපතුල දක්වා සම්පූර්ණයෙන් වැසෙන ආරක්ෂක ඇදුම් ඇඳ සිටි බව සඳහන්ය.
දවසකට කොවිඩ් 19 කොරෝනා ආසාදිතයන් 30ක් පමණ වාර්තා වෙද්දීත් මිලියන 17කට වැඩි පිරිසක් තම ඡන්දය භාවිත කරමින් දකුණු කොරියාවේ පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා
ගැනීමට ජනාධිපති මූන් ජේ ඉන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සමත් වූයේය.

වයිරසයේ ව්‍යාප්තිය නිසා ඡන්දදායකයන්ගේ සහභාගිත්වය අඩුවනු ඇතැයි විචාරකයන් කර තිබූ මත නිෂ්ප්‍රභ කරමින් සියයට 66.2ක ප්‍රතිශතයකින් ඡන්දදායකයන් තම ඡන්දය භාවිත කිරීම කැපී පෙනුණි.

රට තුළ කොවිඩ් 19 වයිරස රෝගීන් 3,100කට වැඩි සංඛ්‍යාවක් සිටියදීත් නිරෝධායන මධ්‍යස්ථාන අටකදී ඡන්ද විමසීම් සිදු කිරීමටද දකුණු කොරියානු රජය පියවර ගෙන තිබිණි.

මීට පෙර පැවැති මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාවට වඩා මිලියන 5ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඡන්දදායකයන් තම ඡන්ද ප්‍රකාශ කිරීම වාර්තාගත සිදුවීමක් වූයේය.

ජනාධිපති මූන් ජේ ඉන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය කුඩා පක්‍ෂත් සමඟ සන්ධානගත වෙමින් ආසන 300කින් යුත් ජාතික සභාවේ ආසන 180ක් දිනා ගැනීමට සමත් විය.

රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 14,000කට වැඩි සංඛ්‍යාවකදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරනු ලැබිණි. ඡන්දදායකයන්ගේ ශාරීරික උෂ්ණත්වය මැනීම, ඉවත දැමිය හැකි ප්ලාස්ටික් අත්වැසුම් පැලඳීම සහ අඩි තුනක පරතරයකින් පෙළ ගැසීම වැනි අනිවාර්ය ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කරන ලදී.

මේ අවස්ථාව වනවිට අනිවාර්ය නිරෝධායනය යටතේ රඳවනු ලැබ සිටි 13,000කට අධික පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, අනෙක් පිරිස ඡන්දය පළ කිරීමෙන් පසු අවස්ථාව සලසා තිබීම විශේෂ ලක්ෂණයක් විය. මෙම කාලය තුළ සාමාන්‍ය ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර නොලැබිණි. මෙම අවස්ථාවේ ඡන්ද නිලධාරීන් ඇස් ආවරණ සහ හිස සිට දෙපතුල දක්වා සම්පූර්ණයෙන් වැසෙන ආරක්ෂක ඇදුම් ඇඳ සිටි බව සඳහන්ය.

ඡන්ද විමසීමට පැමිණි මිලියන සංඛ්‍යාත ජනතාවක් වෙත වසංගත වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා යොදා තිබූ පූර්වාරක්ෂාවන් ප්‍රමාණවත්ද යන්න දැනගත හැකි වන්නේ ඉදිරි කාලයේදීය. වෙනත් රටවල් මෙන් මහා පරිමාණයේ අගුළු දැමීම හෝ ව්‍යාපාරික වසා දැමීම් සිදු නොකළද, මේ සතිය වනවිට නව ආසාදිතයන් හ¾දුනාගනු ලබන වේගය සැලකිය යුතු මට්ටමකට අඩු කිරීමට විනයගරුක දකුණු කොරියානු ජනතාව සහ රජය සමත් වී තිබේ.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් දකුණු කොරියාවේ පාලක පක්ෂය ලබාගත් අති විශිෂ්ට ජයග්‍රහණයට බොහෝ දුරට බලපා ඇත්තේ වයිරසය පැතිරීම පාලනය කිරීමට සහ එම කාලය තුළ ජනතාව රැකබලා ගැනීමට රජය දැක්වූ සමත්කම බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම මාරක වසංගතය ජනාධිපති මූන් සහ ඔහුගේ පක්ෂයට වෙස්වළාගත් ආශීර්වාදයක් වී යැයි පෙන්වා දෙමින් ක්යොංගි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය පාක් සැං-චුල් මෙසේ පවසා ඇත. “නෝංජල් ආර්ථිකය හා දූෂණ චෝදනා නිසා පිරිහෙමින් පැවති ජනාධිපති මූන්ගේ රජයට, මෙම අර්බුදය කළමනාකරණයට දැක්වූ සමත්කම් නිසා ජනතාව වෙතින් විශාල ප්‍රසාදයක් අත් විය. එසේ වූයේ මෙය ජීවිතයත් මරණයත් අතර සටනක් වූ බැවිනි.”

වසංගතය පුපුරා ගිය මුල් දිනවල අර්බුදය අවතක්සේරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මූන් දැඩි විවේචනයට භාජන විය. චීනය සමඟ ගමනාගමනය තහනම් නොකිරීම ඇතුළු චෝදනා ගණනාවක් මත ඔහුට විරුද්ධව අන්තර්ජාලය හරහා ‍ෙදා්ෂාභියෝග පෙත්සමක් දියත් වූ අතර, ඊට අස්සන් මිලියනයකට වඩා ලැබී තිබිණි.

එහෙත් මෙම වසංගතය පාලනය කිරීම පිණිස දකුණු කොරියානු ආණ්ඩුව පුළුල් පරීක්ෂණ ක්‍රමයක්, ලුහුබැඳීම් සහ අධීක්ෂණ ක්‍රමයක් අනුගමනය කළ අතර, රට අක්‍රිය කිරීමෙන් තොරව කොවිඩ්  වයිරසය මර්දනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ආදර්ශවත් ආකෘතියක් ලෙස ජාත්‍යන්තරයේ සම්භාවනාවට පාත්‍ර විය.

සුදුසුකම් ලත් ඡන්දදායකයන් මිලියන 44කට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රජය විශාල සූදානමක් ඇති කළේය. ආසාදනය පැතිරීමෙන් තොරව ඡන්දදායකයන්ට ඡන්ද මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි බව සහතික කිරීම සඳහා පුළුල් ආරක්ෂක පියවරක් සකස් කිරීමට දකුණු කොරියානු ආණ්ඩුව සමත් වීම, මැතිවරණය මෙතරම් සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වීමේ රහස ලෙස සැලකේ.

රට තුළ කොවිඩ්  19 වයිරස් රෝගීන් 3,100කට වැඩි සංඛ්‍යාවක් සිටියදීත්, නිරෝධායන මධ්‍යස්ථාන අටකදී ඡන්දය විමසීම් සිදු කිරීමටද රජය පියවර ගෙන තිබිණි.

එමෙන්ම 1987/90 වකවානුවේ ජවිපෙ භීෂණ තත්ත්වය තිබියදී 2005 වස‍ෙ ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදය උතු‍ෙ හා නැගෙනහිර ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංගනය කර තිබියදීත් ශ්‍රී ලංකාවද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකදීම උදෙසා මහ මැතිවරණ පැවැත්වූ බව නොරහසකි.  
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka