වයින් ස්ටෝර්ස් ඇතුළු සියලුම වර්ගයේ සුරාසල් වසා දැමුවේද කොරෝනා වයිරසය ව්‍යාප්තිය නතර කිරීමට ය
නීති විරෝධීව පෙරන කසිප්පු පානයට මේ වන විට විශාල පිරිසක් යොමු වී තිබීම නිසා එමඟින් කොරෝනා (කොවිඩ් -19) වයිරසය පැතිරයෑමේ අනතුරක් මතුවී ඇතැයි කොළඹ සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතා ‘මව්බිම’ට පැවැසීය.
වයින් ස්ටෝර්ස් ඇතුළු සියලුම වර්ගයේ සුරාසල් වසා දැමුවේද කොරෝනා වයිරසය ව්‍යාප්තිය නතර කිරීමට වුවද මේ වන විට රටපුරාම සිදුවන නීති විරෝධි මත්පැන් ජාවාරම නිසා බලාපොරොත්තු වූ අරමුණු විනාශ වී ඇතැයිද ඒ මහතා කීය.
ශිරාන් රණසිංහ
under the courtesy of mawbima.lk news web