Thursday, April 2, 2020

අක්කයි නංගියි වගේ සිටි කාන්තාවන් දෙදෙනාගේ තිසරපට අස්සේ ලක්‍ෂ 60ක කුඩු

එක කුස උපන් සොහොයුරියන් ලෙස පෙනී සිටිමින් ඉතා සංවිධානාත්මකව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමක් පවත්වාගෙන ගිය කතුන් දෙදෙනකු රුපියල් හැට ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇති හෙරොයින්
තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය සමත් විය.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පෙරේදා 26 වැනිදා සවසය. අත්අඩංගුවටගත් ජාවාරම්කාරියන් දෙදෙනාගේ තිසරපට තුළ සඟවා තිබූ රුපියල් 60 ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇති හෙරොයින් ග‍්‍රෑම් 65 ක් සහ මිලිග‍්‍රෑම් 840 ක් අත්අඩංගුවට ගෙන ඇත. මූලික විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව කටාන පොලිසියේ සැරයන් (11284) සිල්වා මහතා වෙත ලත් තොරතුරක් අනුව වැටලීම සිදුකොට ඇත.

මෙම ජාවාරම් සිදුකළ නිවස කටාන නැගෙනහිර කලූවාරිප්පුව මිරිස්වත්ත ප‍්‍රදේශයේ පිහිටා ඇත. එම වැටලීම සිදුකළ අවස්ථාවේ නිවසේ සිටි පිරිමින් දෙදෙනකු පලාගොස් ඇත. පසුව එම නිවසේ සිටි කතුන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කර පරීක්‍ෂා කිරීමේදී එම කාන්තාවන්ගේ තිසරපට තුළ සඟවා තිබූ හෙරොයින් තොගය හමු වී ඇත.

පසුව එම සැකකාරියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් දැනට මාස කිහිපයකට පෙර නිවස කුලී පදනම මත ලබාගෙන හෙරොයින් ජාවාරම ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් එක් කතක් අවිස්සාවේල්ල රුවන්වැල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන 44 හැවිරිදි එක්දරු මවකි. අනිත් කත නාත්තන්ඩිය දුන්කන්නාව ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දෙදරු මවකි.

එම කතුන් දෙදෙනා නිවස කුලියට ගෙන තම අනියම් සැමියන් සමග එහි පදිංචි වී ඇති අතර වැටලීම සිදුකළ අවස්ථාවේ පලාගිය පිරිමින් දෙදෙනා ජාවාරමට ආධාර අනුබල දුන් සැකකාරියන්ගේ අනියම් පුරුෂයන් බව හෙළිදරව් වී ඇත. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ අරඹා ඇත.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, සහකාර පොලිස් අධිකාරි III පාලිත අමරතුංග යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතා වැටලීම මෙහෙයවූහ. උප පොලිස් පරීක්‍ෂක රොෂාන් සිල්වා, කොස්තාපල්වරුන් වන (43696) චන්දන, (30630) දිලීප්, (77977) දයානන්ද, කාන්තා සැරයන් (1332) දමයන්ති, කාන්තා පො. කො. (9319) ලක්මානි සහ පොලිස් රියැදුරු (19900) චතුරංග යන නිලධාරීහු මීට සහභාගි වූහ.

මීගමුව සමූහ - විමල් කීර්ති

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka