Wednesday, April 1, 2020

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඇඹිලිපිටියේ සිසුවෙක් රොබෝවක් හදලා, දැනගත්ත ගමන් යුද හමුදාවෙන් අරන් ගිහින්

කොරෝනා රෝගීන්ගේ ආසන්නයට ගොස් ප්‍රතිකාර කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත්ව ඇත.

මිද්දෙණිය සපුගහයාය ප්‍රදේශයේ පදිංචි එස්. ආර්. රේණුක නිලන්ත සහ ඩී. ඒ. වයලා ශ්‍රීමතී යන අයගේ
වැඩිමහල් පුතා වන එස්.ආර් තේජන දෙව්මිණ (15) සිසුවා මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කර ඇත.

මෙම රො‍බෝ යන්ත්‍රයෙන්  රෝගියාගේ ලේ සාම්පල්  ලබා ගැනීමට, රෝගියාට ඖෂධ ලබාදීමට, රෝගියා සමග දුරකතනයෙන් සම්බන්ධ වී මුහුණ බලා කතාකිරීම වැනි දේ කළ හැකි බව තේජන පවසයි.

මෙම කුඩා රොබෝ යන්ත්‍රය වැඩි දියුණු කර අවශ්‍ය කරන විශාලත්වයෙන් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ වේ.

තේජන ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. ඔහු තොරතුරු තාක්ෂණය හදාරණ සිසුවෙකි.

මෙය සැළවීමත් සමග යුද හමුදාව මෙම සිසුවාගේ  නිවසට ගොස් ඔහුව හෝමාගම පිහිටි යුධ හමුදා තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත. ඒ රොබෝ යන්ත්‍රය ගැන වැඩිදුර තොරතුරු විමසීමට බව තේජන ගේ පියා පැවසීය.

මෙම රොබෝ යන්ත්‍රය සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා බැලීමට පර්යේෂණ කණ්ඩායමක් හෙට දින පැමිණීමට නියමිතය.

එය ෝහලක කටයුතු සඳහා උචිත උසට නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇති බවට තමා අදහස් කරන බව තේජනගේ පියා වන රේණුක නිලන්ත කීය.

තේජනගේ පියා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ගුරුවරයෙකි. මව මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියකි.තේජනට තවත් බාල සහෝදරියක් සිටී. ඇය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගනුම ලබන්නීය.

මෙවැනි  නිර්මාණ සිදුකර කිහිප අවස්ථාවකම මෙම සිසුවා ජයග්‍රහණ ලබා ඇත.

ඇඹිලිපිටිය රූපසේන පත්තුව

under the courtesy of mawbima.lk news web


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka