Friday, April 3, 2020

මරදානේ කොරෝනා මරණකරු රෝග ලක්ෂණ තිබිලත් දින 10ක් ගෙදර ඉඳලා - ලෙඩා බලන්න කියලා 200කට වඩා ඇවිත්

කොරෝනා වයිරසයෙන් පෙරේදා (01දා) මියගිය කොළඹ මරදාන ඉමාමුල් අරූස් අනුස්මරණ මාවතේ පදිංචිව සිටි පුද්ගලයා රෝග ලක්ෂණ මතු වී තිබියදීත් දින දහයක පමණ කාලයක් සිය මහල් නිවාසයට වී සිට
ඇතැයි හෙළි වී තිබේ.

කොරෝනා වයිරසය වැලඳී මියගිය තුන්වැනි ශ්‍රී  ලාංකිකයා මොහුය. මෙලෙස වයිරසයට ගොදුරු වූ පුද්ගලයාගේ බිරිය, දියණිය හා බෑනා සහ දරු දෙදෙනෙක්ද යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය පුද්ගලයා උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදී රෝග ලක්ෂණ තිබියදී අදාළ මහල් නිවාසයට වී සිටි කාල සීමාව තුළ 43 වත්තේ පදිංචි ඔහුගේ ඥාතීන් හිතවතුන් දෙසීයකට අධික පිරිසක් වරින්වර මෙම රෝගියා බැලීමට එම නිවෙසට ගොස් ඇතැයි ද හෙළි වී තිබේ.

කොරෝනා ආසාදනය වී මිය ගිය හැත්තෑ තුන් හැවිරිදි මොහු දියවැඩියාව, අධික රුධිර පීඩනය හා දීර්ඝ කාලීන වකුගඩු ආබාධයට ලක්ව සිටි අයකු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මේ පුද්ගලයා, අන්තිම මොහොතේදී ශ්‍රී  ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කොළඹ අයිඩීඑච් උණ රෝහලට ඇතුළත් කරමින් සිටියදී මියගිය බවද ජාසිංහ මහතා කීය.

මෙම කොරෝනා රෝගියා මිය යෑමත් සමඟම වහාම ක්‍රියාත්මක වන පරිදි මරදාන, ඉමාමුල් අරූස් අනුස්මරණ මාවතේ කොටසක් වසා දැමීමට පියවර ගැනිණි.

 එම තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි නිවාස 230ක සිටින පුද්ගලයන් 819ක් වහාම පුත්තලම ඇතුළු නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඔවුන්ව නිරෝධානයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

ඒත් සමඟම අග නගරයේ මාර්ග බාධකවල පරීක්ෂණ කටයුතු ද ඊයේ (02දා) සිට දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ (02දා) මුල්ලේරියාව, උඩුමුල්ල ආදාහනාගාරයේදී සිදු කර ඇත.

මෙම කොරෝනා රෝගියාගේ අවසන් කටයුතුද ජාත්‍යන්තර පිළිගත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්වලට අනුව සිදු කර ඇත. අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ ළඟම ඥාතීන් දෙතුන් දෙනකුට හැර වෙන කිසිවකුට එක්වීමට ඉඩ ලබාදී නැත.

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka