Wednesday, April 22, 2020

මාස 11ක කුඩා බිළිදෙකුත් කොරෝනා ආසාධනයවී සුවය ලබා නිවසට.....වෙන්නප්පුවේ පදිංචි ඉතාලියේ සිට පැමිණි 500ක් නිරෝධායනය සාර්ථකව අවසන් කළා... !

වෙන්නප්පුව ප‍්‍රදේශයේ බහුතරයක් ඉතාලියේ සේවය කරන අයයි. 

පැමිණි 500 කට වැඩි පිරිසක් සිය නි‍වෙස් තුළ නිරෝධායනයට ලක් කර ඇත
 
වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප‍්‍රදේශයේ පසුගිය මාසයේ ඉතාලියේ සිට පැමිණි 500 කට වැඩි පිරිසක් සිය නි‍වෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් නිරෝධායනය සාර්ථකව අවසන් කළ ඔවුනට අදාළ සහතික නිකුත් කර අවසන් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා සදහන් කරයි.
එමෙන්ම 100 කට අධික පිරිසක් නිරෝධායන කදවුරු වල නිරෝධායනය අවසන් වී නිවෙස් වලට

පැමිණ ඇති බව වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටී.

 මේ අතර කොරෝනා වෛරසය ආසාධනය වී  අංගොඩ බෝවන රෝගායතනයට යොමු කර ප‍්‍රතිකාර ලබමින් සිටි වයස මාස 11ක කුඩා බිළිදෙකු සුවය ලබා වෙන්නප්පුව වයික්කාල නිවස කරා රැගෙන ඒමට සෞඛ්‍ය බලධාරීහු 19 වැනිදා සවස කටයුතු කළ මෙම බිළිදාගේ මව පියා ඇතුළු එකම පවුලේ 7 දෙනෙකු නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටිය දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු මීට මාසයකට පමණ පෙර ප‍්‍රතිකාර සදහා අංගොඩ බෝවන රෝගායතනයට යොමු කර තිබුණි.
මේ සම්බන්ධව අදහස් දක්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා


වෙන්නප්පුව ප‍්‍රදේශයේ බහුතරයක් ඉතාලියේ සේවය කරන අයයි. පසුගිය මාසය ඇතුළත පමණක් 500 කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස් වල නිරෝධායනයට ලක් කරමින් නිරන්තරයෙන් අපි ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සිදු කළා.මේ අතර එකම පවුලේ 7දෙනෙකු ආසාධිතයන් බවට හදුන ගත්තා.ඔවුන්ව අපි අයි.ඞී.එච් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළා.ඒ සියලූ‍ම දෙනා ඉතාලියේ සිට පැමිණ අය මේ වන විට මාස 11ක දරුවා සහ දරුවාගේ සීයා සුව වෙලා පැමිණ තිබෙනවා. දරුවාගේ මව සති 27 ක ගැබිනි මවක් ඇය ඇතුළු සෙසු 5 දෙනා තවමත් ප‍්‍රතිකාර ලබනවා.

 මේ වන විට නිරෝධායනය වන අයට අදාළ සහතික නිකුත් කරලා තියනවා.ඒ සියලූ‍ දෙනාට සෞඛ්‍ය ආරක්ෂිත සියලූ‍ උපදෙස් හොදින් පිලිපැද කැප කිරීම් කරලා ඉදිරි දින කිහිපය තුළ සිටින ලෙස මා ඔවුන්ට කියා සිටිනවා.

 වෙන්නප්පුව පොලිසිය, ප‍්‍රාදේශීය සභාව , ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය අපට නොමද සහයක් ලබා දෙනවා.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka