Wednesday, April 22, 2020

ඇඳිරි නීති රාජකාරි අවසන් කර ගෙදර යද්දී හිත් පිත් නැති ලොරි රියැදුරා පොලිස් නිලධාරියා බිලිගනී.... රිය අනතුරින් මියගිය පොලිස් සැරයන්ගේ දුක්බර කථාව

පොලිස් නිලධාරියා යට කළ ලොරිය නොනවත්වාම ධාවනය කරලා

ලොරියේ රියැදුරා අධික ලෙස බීමත්ව ඉඳලා

නාඋල බල ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්‍ෂාව සහ සුව සෙත වෙනුුවෙන් ඉකුත් දිනවල අපමණ ලෙස කැප වූ පොලිස් නිළධාරියෙකුගේ ජීවිතය යක්‍ෂාවේශයෙන් ආ ලොරි රථ රියැදුරෙකු විසින් ඉතා අවාසනාවන්ත ලෙස බිලි ගන්නා ලද්දේය.

 ඇඳිරි නීතියත් කොරෝනා උවදුරත් හමුවේ අඛණ්ඩව සේවය කළ ඔහු ඉකුත් 20 වැනිදා පස්වරු 2.00 ට සිය සේවය නිමාකළේ හැකි තාක් ඉක්මනින් නිවසට යෑමේ අදිටනෙනි. ඉහළ නිලධාරීන්ගෙන් මෙන්ම තම සහෝදර නිලධාරීන්ගෙන් ද සතුටු සිතින් ඔහු සමුගත්තේ යළි පසුදින පෙරවරු 6 ට සේවයට වාර්තා කරන බවද කියමිනි.

නමින් ජාලිය පාලිත කෙහොන(45)(පො.සැ 48482) වූ හෙතෙම සුරතල් දරු දෙදෙනෙකුගේ පියෙකි.පල්ලෙපොල මොරගස්පිටිය ගම්මානයේ පදිංචි ඔහුට තම සේවා ස්ථානයට ඇත්තේ සැතපුම් 8 ක පමණ දුරකි.

 පොලිසියෙන් පිටවූ ඔහු පළමුව කළේ මාවත අසල සිටි වෙළෙන්දෙකුගෙන් නිවසට අවැසි එළවළු කීපයක් මිළදී ගැනීමය. ඒ ඔහුගේ බිරිඳගේ සිහිපත් කිරීම අනුවය.

 අනතුරුව ඔහු යතුරු පැදියෙන් තම නිවස බලා ගමන් කළේ තමුනට නියමිත මාර්ගයේ නීති ගරුකවය. ඔහු ගමන් කර තිබුණේ හරියටම කිලෝමීටර් දෙකකි.

 ඔහුට විරුද්ධ දෙසින් එනම් නුවර දෙස සිට ලොරියක් ඉතා අධික වේගයෙන් ඉද්ද ගැසූවාක් මෙන් කෙළින් පාරේ ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ එහිදීය.

 අනතුර සිදුවීමට ගතව තිබුණේ තත්පර කිහිපයකි. ඉතා අධික වේගයෙන් ආ ලොරි රථය ඇසිල්ලකින් අනෙක් පස ආ සැරයන්වරයා ද යට කරමින් නොනවත්වා ඇදී ගියේ අවට සිටිය අයද භීතියට පත්කරමිනිි.

සැනෙකින් එහි ළ`ගා වූ අවට සිටි පිරිස සැරයන්වරයා අසල තිබූ නාලන්ද රෝහලට ගෙන ගියද ඒ වන විටත් සිරුරේ දකුණු පාදයට අතට සහ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මෙලොව හැරගොස් සිටියේ සැවොම කම්පා කරමිනි.

 පොලිස් නිලධාරියා යට කළ ලොරිය නොනවත්වාම ධාවනය වූයෙන් ප‍්‍රදේශවාසීන් ගේ දැනුම්දීමෙන් ඒ අසලම සේවයේ යෙදී සිටි රථ වාහන අංශයේ නිලධාරීහු වහා ලොරිය හඹා ගොස් පොලිසිය ඉදිරිපිට දීම නවතා ගෙන ඇත්තේ දැඩි පරිශ‍්‍රමයකිනිි.

 දඹුල්ල ප‍්‍රදේශයේ සිට නුවරට හාල් ප‍්‍රවාහනය කොට ආපසු පැමිණෙමින් සිටි ලොරියේ රියැදුරා සමග තවත් තිදෙනෙකු එහි වූ අතර ඔවුන් සියළු දෙනා ඒ වන විටත් අධික ලෙස බීමතින් සිට ඇත.

 තම පොලිසියේ සිටි විනය ගරුක, නීති ගරුක,කා අතරත් ජනප‍්‍රිය තරුණ සැරයන්වරයාට සමු දී මෙහොතකින් ඔහුගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර දුටු නාඋල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂ යූ. පී. ජී. එස්. රත්නායක මහතා ඇතුළු සියළු නිලධාරීහු දැඩි කම්පනය දරා ගනිමින් පොලිස් පරීක්‍ෂණ සිදු කරනු දැක ගත හැකි විය.

 අනතුර වූ ස්ථානයට පැමිණි මාතලේ කොට්ඨාස 2 සහකාර පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතා ද මෙම ස්ථානය රියැදුරන් අපරීක්‍ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කරන තැනක් බැවින් පොලිස් නිළධාරීන් යොදවන ලෙස සිහි පත් කළ බවද පැවැසීය. ඒ අනුව නාඋල පොලිස් නිලධාරීන් අසල සිටි බැවින් මාරක රියැදුරා සහ රථය අත්අඩංගුවට ගැනීම පහසු වී ඇත. අනතුර සිදුවන අයුරු අසල වෙළෙඳ සැලක CCTV කැමරාවේ පස්වරු 2.42 ට පටිගතව ඇති අතර ලොරි රථය ඉතා අපරීක්‍ෂාකාරී ලෙස ධාවනය කරනු එහි සටහන්ව ඇති බව පොලිසිය පවසයි.

 ඇහැලේපොල විදුහලෙන් මූලික අධ්‍යපනය හදාරා ඇති ඔහු ඉබ්බාගමුව විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබා පසුව රටේ පැවැති කලබලකාරී සමයේ පොලිස් සේවයට බැඳී තන්තිරිමලේ පොළොන්නරුව.කන්තලේ ආදී උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි දිගු කළක් සේවයකොට පසුව නාඋල පොලිසියට එක්ව තිබේ.

 පශ්චාත් මරණ පරීක්‍ෂණය 20 වැනිදා දඹුල්ල රෝහලේ දී සිදු විය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර සැරයන්වරයාගේ අවසන් කටයුතු පොලිස් ආචාරය සහිතව සෞඛ්‍යාරක්‍ෂක කටයුතු වලට මුල් තැන දෙමින් 22 දින සිදුකෙරෙන බව පොලිසිය පවසයි. 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka