Monday, April 20, 2020

වැඩිපුර මගීන් පටවාගෙන ගිය බස් රථ 03ක් අත්අඩංගුවට

මගින්ට කිසිදු කරදරයක් නොමැතිව ගාල්ල බස්නැවතුම්පොළට මගින් ගෙනවිත් දුරස්ථභාවය තබාගෙන වෙනත් බස්රථවල ගමන්කරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබිය.

සියයට 98ක් පමණ සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්ථභාවය තබාගෙන මගින් බස්රථවලට නංවාගෙන ධාවනය වු බව පොලිසිය පවසයි.

ඇදිරි නීතිය ලිහිල් කිරිමෙන් පසු රජය මගින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව වැඩිපුර මගින් බස්රථවල පටවාගෙන යාම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ තුනක බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අද (20) ගාල්ල නගරයේ දි අත්අඩංගුවට ගත්
බැව් ගාල්ල පොලිසිය පවසයි.

සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් අනුව දුරස්ථභාවය ආරක්ෂාකරමින් මගින් රැගෙන බස්රථ ධාවනය වන්නේද යන්න පිළිබද ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද උදැසන සිට පරික්ෂා කරණු ලැබිය.එම පරික්ෂාවේ දි ගාල්ල හික්කඩුව ගාල්ල අම්බලන්ගොඩ යන මාර්ගවල සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව මගින් නංවාගෙන ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස්රථ 03 බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරු අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි. මෙහිදි පොලිස් නිලධාරින් විසින් මගින්ට කිසිදු කරදරයක් නොමැතිව ගාල්ල බස්නැවතුම්පොළට මගින් ගෙනවිත් දුරස්ථභාවය තබාගෙන වෙනත් බස්රථවල ගමන්කරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබිය.

අත්අඩංගුවට ගත් බස්රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නිතිමය කටයුතු කරණ බව ගාල්ල පොලිසියේ රථවාහන අංශය පවසයි. ධාවනය වන බස්රථ වලින් සියයට 98ක් පමණ සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්ථභාවය තබාගෙන මගින් බස්රථවලට නංවාගෙන ධාවනය වු බව පොලිසිය පවසයි.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප ජගත් මහතා ඇතුළු නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබිය.

ලලිත් චාමින්ද
under the courtesy of divaina.com news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka