ඇය ඉතාලියේ, බ්‍රේෂියා ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා පිළිබඳ ඉතාලියෙන් වාර්තා වුණා.
ඉතාලියේ, බ්‍රේෂියා ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තහවුරු කළා.
හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය පසුගිය වසර 10ක කාලය තුළ ඉතාලියේ පදිංචිව සිටින්නේ
ඇගේ සැමියා ද සමඟයි.
මෙම කාන්තාව රැක බලා ගත් ඉතාලි ජාතික කාන්තාවකට මුලින් වෛරසය ආසාදනය වී ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන් පසුවයි.
කෙසේ වෙතත් කොරෝනා අසාදනය වූ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකීය කාන්තාව බවට කියන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරනවා.