අම්බලන්තොට සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකරලා
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යමින් තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු මාලු තොගයක් සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ඒවා ප්‍රවාහනය කළ ලොරි රථයක් හා සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අම්බලන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය අසළ සිදුකළ වැටලීමක දී ආහාරයට නුසුදුසු මාලු තොගය බන්ධනාගාරය වෙත රැගෙන
යමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
නිලධාරීන් මෙම වැටලීම සිදුකරනු ලැබූ අවස්තාවේදී ලොරි රථයේ සිටි තවත් පුද්ගලයෙකු පලා ගොස් ඇති බව ද පැවසේ.
මීට අවස්ථා කිහිපයකදී ම මෙලෙස මිනිස් පරිභෝජනය සදහා නුසුදුසු ආහාර මෙම බන්ධනාගාරය වෙත ප්‍රවාහනය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ආහාර සපයන්නන් වෙත අවවාද කර තිබිණි.
එසේ තිබියදීත් මිනිස් පරිභෝජනය සදහා නුසුදුසු ආහාර බන්ධනාගාර රැඳවියන්ගේ වෙත සැපයීමට මොවුන් උත්සහ දරා ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් දෙදෙනා, ඔවුන් ගෙන ආ මාලු තොගය හා ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සැපයීම හා එම ආහාර ප්‍රවාහනය කිරීම යන චෝදනාවන් මත සැකකරුවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 3000 බැගින් දෙදනාට රුපියල් 6000 ක දඩ මුදලක් නියම කිරීමටත් ,ආහාර ද්‍රව්‍ය මාලු කිලෝ ග්රෑම් 59 ක් විනාශ කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
හම්බන්තොට -රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

under the courtesy of mawbima.lk news web