කොරෝනා භීතිකාව අතරේ පහුගිය දවසක ඉන්දියාවේ හරි අපූරු වැඩක් වෙලා තිබුනා. ලෝකය පුරාම මේ මොහොතේ තමන්ගේ ජිවිත අවධානමේ දාගෙන කොරෝනා වසංගතය එක්ක ගනුදෙනු කරන වෛද්‍ය
වෘතිකයන්ට ස්තුතිය පල කරන්න ඒ රටේ පිරිස් එකම මොහොතක තමන්ගේ නිවෙස්වල බැල්කනිවලට ආවා.
වෘතිකයන්ට ස්තුතිය පල කරන්න ඒ රටේ පිරිස් එකම මොහොතක තමන්ගේ නිවෙස්වල බැල්කනිවලට ආවා.
මේ වෙනුවෙන් සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් වැනි ඉහළ පෙළේ කීර්තිමත් පුද්ගලයින් රැසක් එකතු වෙලා තිබුනා. ඔවුන් ගෙදර තියන ලෝහ භාණ්ඩයකට තට්ටු කරමින් තමන්ගේ කෘතඥතාවය ඔවුන් වෙත පළකරලා තියනවා.
මේ අතරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එක්තරා වීඩියෝවක් තමන්ගේ ට්විටර් ගිණුමට එකතු කරමින් හරි අපූරු කතාවක් කියලා තිබුනා.
මේ වීඩියෝ එකේ ඉන්න මහලු කාන්තාවක්. ඇය ඉතා දුක්බර කර්කෂ ජීවිතයකට උරුමකම් කියන්නියක් බව ඇය ජිවත්වන තාවකාලික කූඩාරමක් වැනි නිවසින්ම පෙනී යනවා. නමුත් ඒ මොහොතේත් ඇය ඉන්නේ එරට රජය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටි ජනතා ඇඳිරි නීතියට අවනත වෙමින්. ඇය වානේ තහඩුවක් ගෙන එයට තට්ටු කරමින් වෛද්‍ය වෘතිකයන්ට ස්තුතිය පළකරනවා.
මේ මහලු කාන්තාවගෙන් මුළු රටම ගතහැකි ආදර්ශ බොහෝ බව පවසමින් එරට අගමැතිතුමා කියලා තිබුනේ "මෙම මවගේ හැඟීම් වලට ගරු කරමු, නිවසේ රැඳී සිටින්න" යනුවෙනුයි.
බොහෝ දුක් මහන්සියෙන් ජිවත්වන ඇය එතරම්ම රජයේ නීතියට අවනත් වී නම් අනිත් සියල්ලන්ටම එසේ කල හැකි බැවින් ජනතා නීතියට අවනත එරට අගමැතිවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.
under the courtesy of mawbima.lk news web