ස්විට්සර්ලන්තයේ දී ශ‍්‍රී ලාංකිකයකු කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. ඒ අනුව මෙම පුද්ගලයා කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පළමු ශ‍්‍රී ලාංකිකයායි. විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය සඳහන් කළේ 59 හැවිරිදි ශ‍්‍රී ලාංකිකයකු මෙලෙස මියගොස් ඇති බවයි.
අදාළ පුද්ගලයා යාපනය පුංකුඩුතිව් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සතාසිවම් යෝගනාදන් වන අතර ඔහුගේ අවසන් කටයුතු ඊයේ (27දා) ස්විට්සර්ලන්තයේදී සිදු කෙරිණි. කෙසේ නමුත් මොහු ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ද ලබා ගෙන ඇත.
ස්විට්සර්ලන්තයේ මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව දසදහසකට ආසන්න වී ඇති අතර, පුද්ගල මරණ 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ස්විට්සර්ලන්තයේ සෞඛ්‍ය අංශ විසින් මහජනතාවට තවදුරටත් ආරක්ෂිත ක‍්‍රියාමාර්ග පිළිපදින්නැයි උපදෙස් ලබා දී ඇත.