Friday, March 27, 2020

ඇඳිරිනීතිය අස්සේ යුද හමුදාපති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කඩා වදී (Photos)

ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 27 දහවල් හදිසියේම දඹුල්ල
ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.

කිසිදු අයෙකුට දැනුම් දීමකින් තොරව හදිසියේම යුද හමුදාපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමග සහ ගොවීන් සමග ද කෙටි පිළිසදරක නිරත විය.

ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියේ එලවළු අලෙවි කිරීමේදී සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවය.

මෙහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියේ ජනතාවගෙන් මීටරය දුර පවත්වාගෙන යමින් මෙය පාලනය කරගැනීම අවශ්‍ය බවත් ඇඳිරි නීතිය යොදවා ඇත්තේ රටක් හැටියට ආරක්ෂා වීම සඳහා  බවය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියාදාමයන් තම ඇස් දෙකෙන් දැක බලා ගැනීමට අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා එළවලු ප්‍රවාහනය කිරීම සඳහා නිවෙස් වලට ගෙන ගොස් දීමට  ක්‍රමවේදයක් සකසා තිබෙන බවත් ඉදිරියේදී නිවෙස් වලට එළවළු ප්‍රමාණය යැවීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.

ඉතා කෙටි කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ යුද හමුදාපතිවරයා  නික්ම යෑමෙන් පසුව ආර්ථික මධ්‍යස්ථානයේ සිටි බොහෝ දෙනෙකු එකවරම ඉදිරියට පැමිණ යුද හමුදාපතිවරයා දැකබලාගැනීමට පැමිණියද ඒ වන විටත් යුධහමුදාපතිවරයා පිටව ගොස් තිබීම විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි එළවළු මිලදී ගැනීම සිදු කරන පිරිස් පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කොට නව වැඩපිළිවෙළක් සැකසීම සඳහා මෙම නිරීක්ෂණ කටයුතු සිදු කළ බව යුධ හමුදා ආරංචි මාර්ග සඳහන් කර සිටී.

දඹුල්ල කේ .කේ .ආරියදාස
 under the courtesy of mawbima.lk news web





------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka