Monday, March 2, 2020

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලංගම බස් රථයක් ගිනිබත් වෙයි - Photos

බස් රථයේ සිටි මගීන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කරලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 110 කණුව අසලදී ශ්‍රීලංගම බස් රථයක හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අද පස්වරු 3.54ට පමණ ඇති වූ එම ගින්න නිවා දැමීමට අවශ්‍ය කටයුතු
කටයුතු කර තිබෙනවා
මෙසේ ගින්නෙන් විනාශ වී ඇත්තේ කොළඹ සිට මාතර බලා පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්. 

කොට්ටාව මාකඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට හම්බන්තොට දක්වා ගමන් කළ අම්බලන්තොට ඩිපෝවට අයත් මෙම බස් රථයේ සිටි
මගීන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ගින්න ඇතිවන අවස්ථාවේ දී බස් රථයේ රියදුරු බස් රථය නවත්වා ඇති අතර ඒ සමඟින්ම බස් රථයේ සිටි පිරිසට එයින් පිටතට යාමට උපදෙස් දී තිබෙනවා. අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

අදාල ගින්නත් සමඟින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ කොක්මාදුව අතර ප්‍රදේශයේ දැඩි වාහන තද බදයක් ඇති වු අතර දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බවටයි සැක පළ කරන්නේ.
 









------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka