Monday, March 2, 2020

කොරෝනා මරණ 3000ට ආසන්න වෙයි - ඉතාලියේ සිට පැමිණෙන මගීනුත් හෙට සිට විශේෂ පරීක්ෂාවකට - Video

අයි.ඞී.එච්. රෝහලේ රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර මීගමුව දිස්ත්‍රික් මූලික රෝහලේ 4 දෙනෙකු ප්‍රතිකාර ලබනවා
 
ඉතාලියේ සිට පැමිණෙන මගීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී හෙට සිට විශේෂ පරීක්ෂාවකට ලක් කර දින 14ක පසු විපරමකට ලක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ අද වන විට උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 16 දෙනෙකු රෝහල් 6ක

ප්‍රතිකාර ලබන බවයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඞී.එච්. රෝහලේ රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර මීගමුව දිස්ත්‍රික් මූලික රෝහලේ 4 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද රෝගීන් දෙදෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, විදේශිකයෙකු ද ඔවුන් අතර සිටින බවයි වාර්තා වන්නේ.

ඉතාලිය සහ දකුණු කොරියාව වැනි රටවල කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම වැඩි වී ඇති බවයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

ලොව පුරා රටවල් 65කින් පමණ වාර්තා වන කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව 87,657කට ආසන්න වී ඇති අතර, මරණ සංඛ්‍යාව ද 2994 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇමරිකාවේ නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණය අද වොෂින්ටන් නුවරින් වාර්තා වුණා.

ඇමරිකාවේ මිලියන 27.5ක පිරිසකට වෛද්‍ය රක්ෂණාවරණය නොමැති පසුබිමක් තුළ වෛරසය ව්‍යාප්ත වුවහොත් ඔවුන්ට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

වෛද්‍ය රක්ෂණාවරණ නොමැති සංක්‍රමණිකයන් බලධාරීන් සමඟ සම්බන්ධ වීමට පවා බියක් දක්වන බව ද එම වාර්තාවල දැක්වෙනවා.

එමෙන්ම, ඕස්ට්‍රේලියාව සහ තායිලන්තය ද අද සිය පළමු කොරෝනා මරණය වාර්තා වී තිබුණා. අයර්ලන්තය, කටාර් සහ ඉක්වදෝරය යන රටවලින් ද අද පළමුවරට කොරෝනා ආසාදිතයින් වාර්තා වුණා.

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ මේ වන විට නව ආසාදිතයන් 573 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන දකුණු කොරියාවේ ද ආසාදිතයන් සංඛ්‍යාව 3736ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව ආසාදිතයන් 586 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

රුසියාවේ නිරෝධායන ක්‍රියාවලියට පටහැනිව කටයුතු කළ විදේශිකයන් 88 දෙනෙකු පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka