Monday, March 2, 2020

ජීවිතේ ලස්සනම දවසට යන ගමනෙදි වෛද්‍ය යුවළක් මහ පාර මැද අනතුරට ලක්වූ තරුණයෙකුට වෙදකම් කළ අයුරු ලොවම කතාවෙයි - Photos

සාරා සිය මංගල ඇඳුමින්ම තරුණයාගේ පාදයේ තුවාලවලට ප්‍රතිකාර කරනු දැකීම කාගේත් විමතියට හේතු වුණා.
 
ජොනතන් සහ සාරා කියන්නේ වෛද්‍යවරුන් දෙදෙනෙක්. ඇත්තටම මේ දෙන්නා ආදරවන්තයෝ..

පසුගිය දවසක ජොනතන් සහ සාරා ඔවුන්ගේ ජීවිතේ ලස්සනම දවස වුණු විවාහ මංගල්‍යය වෙනුවෙන්, එය පැවැත්වෙන හෝටලයට ගමන් කරමින් හිටියා.

මේ කාලය තායිලන්තයේ සංචාරකයින් එහේ මෙහේ දුවන කාලයක්. ඉතින් මේ කාර්යබහුල ක්‍රාබි කියන
නගරය මැදින් යද්දි වෛද්‍යවරුන් දෙදෙනාට නොසිතූ අත්දැකීමකට මුහුණ දෙන්න ලැබුණා.

කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටුණු අනතුරක් මේ දෙන්නාම අහම්බෙන් දකිනවා.

යතුරුපැදිකරුවා ඒ වෙනකොටත් බරපතල තුවාල සහිතව බිම වැතිර හිඳීම මේ වෛද්‍යවරුන්ට බලා ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. විවාහය මොහොතකට අමතක කළ යුවළ මංගල ඇඳුම් සහිතව තුවාලකරු ළඟට දිව එනවා.

ඒ වන විටත් තුවාල සහිතව ජීවිතේ අත් හරින්න සුදානමින් බිම වැතිරිලා හිටපු 21 හැවිරිදි ඒ තරුණයාට දෙවියන් වේශයෙන් ආපු මේ වෛද්‍යවරු පිහිට වෙනවා. ගිලන් රථයක් පැමිණෙන තුරු තරුණයාව ස්ථාවරව තියා ගන්න ඔවුන් උපරිමයෙන් කැප වෙනවා.

සාරා සිය මංගල ඇඳුමින්ම තරුණයාගේ පාදයේ තුවාලවලට ප්‍රතිකාර කරනු දැකීම කාගේත් විමතියට හේතු වුණා.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළත් සීඝ්‍රයෙන් පැතිර තිබුණේ වෛද්‍ය යුවළට සුභාශිංසන ද එක් කරමින්.




------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka