Thursday, March 5, 2020

"මං ඉද්දි ඒකි තව මිනිහෙක් එක්කත් සම්බන්ධයක් පටන් ගත්තා.." - අනියම් සැමියන් දෙදෙනෙකුගේ පහස ලැබූ අනූෂාට අවසානයේ අත් වූ ඉරණම මෙන්න

දුවගේ අසංවර හැසිරීම නිසා මවකට වන්දි ගෙවන්න වූ හැටි..
 
මවත් දියණියත් ඝාතනයට ආ සැකකරුට සිදු වූ දේ මෙන්න..
 
බදුල්ලේදී පිහියකින් ඇන ගෞරිදේවි නම් කාත්තාව ඝාතනය කිීරිමේ උණුසුම යන්නට ද මත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල පොලිස් වසමෙන්ද තවත් ඝාතනයක් පසුගියදා වර්තා වුණා.

ඉකුත් 18 දින පස්වරුවේ ලුණුගල කිවුලේගම උඩුතුරේ කුඹුරු යායක ගැට ගසා සිටි ගවයින් නිවසට ගෙන ඒම සඳහා සිය දියණිය ද සමඟ වෙල්යායේ යමින් සිටි මවක්, සාහසිකයෙකුගේ පිහි පහරට ලක් ව එතැනම අවසන් ගමන් ගියා.

ලුණුගල කිවුලේගම කිවුලේඅරාව පදිංචිව සිටි 74 හැවිරිදි ආර්. එම්. සෝමාවතී නැමැත්තිය මෙසේ
ජිවිතක්ෂයට පත් වූ අතර, ඇගේ දියණිය වන 43 හැවිරිදි ආර්. එම්. අනූෂා ප්‍රියදර්ශනී බරපතල කැපුම් තුවාල ලබා ලුණුගල රෝහලට ඇතුළත් කළා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. පොලිසිය මේ සිද්ධිය ගැන විමර්ශන ඇරඹූවේ මින් අනතුරුවයි.

අනූෂා විවාහක තැනැත්තියක්. ඇය දරුවකු සිටින මවක්. ඇගේ සැමියා ඇය දමා ගොසිනුයි. සිය දරුවාත් මවත් සමඟ ඇය ලුණුගල කිවුලේ ගම කිවුලේඅරාව නිවසේ කාලය ගත කළා.

ගල්කිරියාගම පලාගල කුඩා හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි රත්නවීර 53 හැවිරිදි අයෙක්. ඔහු ලුණුගල ඉලුක්පතන ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක ජලය බෙදා හැරීම සඳහා ජලනල එළීමේ කටයුතුවල නිරත වූ කම්කරුවෙක්.

මොහු එම ගම්මානයේ නිවසක කාමරයක නතර වී ජලනළ එළිමේ රැකියාවේ නරත වුණා.

කාලය මෙසේ ගෙවී යමින් තිබුණා. රත්නවීරට අනූෂා හමුවන්නේ ඔය අතරතුරයි. වැඩි කල් නොගොස් දෙදෙනා අතර කිසියම් ඇයි හොඳැයියක් ඇතිවුණා. එහෙත් එය වැඩි කල් තිබුණේ නැහැ.

මේ අතරතුරේ රත්නවීරට අනූෂා පිළිබඳ කිසියම් නරක ආරංචියක් අසන්නට ලැබුණා. රත්නවීරට යකා ආරූඨ වූයේ එවිටයි. අනූෂා තවත් අයෙකු සමඟ ද අනියම් සබඳතාවයක් පවත්වන බවට ලැබුණු ආරංචියත් සමඟ රත්නවීර, ඒ පිළිබඳව අනුෂාගෙන් විමසුවා. නමුත් ඇය දිවුර දිවුරා ඔහුට කියා සිටියේ තමන් කිසිම අයකු සමඟ සබඳතාවක් නොපවත්වන බවයි.

කෙසේ වෙතත් ඉකුත් 18 වැනි දින රත්නවීර මත්පැන් පානය කර සවස් යාමෙයේ ලුණුගල කිවුලේගම උඩුතුරේ කුඹුරු යායට යන අඩිපාර අසළ ළඳු කැළැවේ සැඟව සිටියා.

උඩුතුරේ කුඹුරුයායේ ගැට ගසා සිටින ගවයින් රැගෙන යාමට අනූෂා එන බව දැනගත් රත්නවීර මෙසේ මඟ රැක සිටියේ කිසියම් අදහසක් හිතේ සඟවාගෙනයි.

මේ කිසිවක් නොදැන සිටි අනූෂා සිය මව සමඟ ගවයන් ගෙන යාමට කුඹුරු යායේ අඩිපාර ඔස්සේ පැමිණෙමින් සිටියා.

ඒ සමඟම එක්වරම කැළැයෙන් මතුවූ රත්නවීර අනූෂා ඉදිරියට කඩා පැන්නා. අත තිබූ උල්පිහියෙන් ඔහු අනූෂාට පහර කීපයක් එල්ල කළා. අනූෂා මහ හඬින් විළාප දෙමින් එතැනම ඇද වැටුණා. දුව බේරා ගැනීමට සෝමාවතී ඉදිරිපත් වුයේ ඔය අතරයි. ඒ සමඟම සෝමාවතීට ද පිහි පහර කිහිපයක්ම එල්ල වුණා. ඇයද ලේ පෙරාගෙන බිම ඇද වැටුණා.

මවත් දියණියත් බරපතල තුවාල සහිතව ලේ විලක් මැද වැටී සිටියදී කිවුලේගම උඩුතුරේ ළඳු කැලෑව තුළට දිය ගියා. ගෙනැවිත් තිබූ වස කුප්පිය අතට ගෙන ඉන් උගුරු කීපයක් බිව් ඔහු ඉන් අනතුරුව උල් පිහිය කැළැවට විසි කළා.

මේ අතරතුර කුඹුරු යාය මැදින් යමින් සිටි පුද්ගලයෙකු සෝමාවතී හා අනූෂා ලේ පෙරාගෙන වැටී සිටින අයුරු දැක පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ මොහොතේම දැනුම් දුන්නා.

නොබෝ වේලාවකින් ලුණුගල පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ කාන්තාවන් දෙදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කළා. ඒ වන විටත් සෝමාවතී මෙලොව හැර ගොස් තිබුණා.

පසුව ලුණුගල පොලිසියේ නිලධාරින් ලුණුගම කිවුලේගම උඩුතුරේ වෙල්යාය අසළ ළඳු කැලෑවේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී රත්නවීර වැටී සිටියදී සොයාගනු ලැබුවා. පසුව ඔහු පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කළා.

අධික ලෙස මත්පැන් බී සිටි ඔහු වසද පානය කර ඇති බව පොලිසියට වැටඑුණා.

සැකකරු අනූෂා සමඟ අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන අතරතුර ඇති වූ ආරවුලක් මත මෙසේ ඇයටත් මවටත් පිහියෙන් ඇන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළි වුණා.

දියණියගේ අනියම් පෙම් සම්බන්ධය නිසා ජීවිතයෙන් සමුගැනීමට සෝමාවතීට සිදු වූවා. එය කිවුලේගම ප්‍රදේශවාසීන්ට මහාත් වේදනාවක් ගෙන දුන් සිද්ධියක් වුණා.

බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් එස්. සත්‍යමූර්තී මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා නිරීක්ෂණ සටහන් කළා.

බදුල්ල මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ මහතා සෝමාවතීගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර වම් පෙනහැල්ල වම් උදරය පාසාරූ කරගෙන සිදුවූ ඇනුම් තුවාලයකින් අධික රුධිර වහනය නිසා මරණය සිදු ව ඇති බවට නිගමනය කළා.

ලුණුගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

පිහි පහරින් උදරයට හා දකුණු පාදයට වූ තුවාල හේතුවෙන් අනූෂා මේ වන විටත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.


under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka