විදේශ ගතව සිටි ලංකාවට පැමිණෙන පුද්ගලයින් මෙම මධ්‍යස්ථානයේ දී නිරෝධායන කිරීම සෞඛ්‍ය බලධාරීන් ගේ අරමුණ වේ
වත්තල හේකිත්ත ලාදුරු රෝහල් පරිශ්‍රයේ කොවීඩ් 19 (කොරෝනා) නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව බැනර් කටවුට් ප්‍රදරණය කරමින් 05 දා විරෝධතා ව්‍යාපාරයක නියැලිනි.
හේකිත්ත ලාදුරු රෝහල් පරිශ්‍රයේ ඇති භාවිතයට නොගන්නා ගොඩනැගිලි 04 ක මෙම නිරෝධායන
ඒකකය පිහිටීම ට බලධාරීන් සැලසුම් කර තිබිණි. විදේශ ගතව සිටි ලංකාවට පැමිණෙන පුද්ගලයින් මෙම මධ්‍යස්ථානයේ දී නිරෝධායන කිරීම සෞඛ්‍ය බලධාරීන් ගේ අරමුණ වේ. නමුත් ප්‍රදේශ වාසීන් , මහජන නියෝජිතයන් මහා සංඝරත්නය හා කිතුණු පූජක තුමන්ලා සමග එක්වී මෙම විරෝධතාවය දැක්වීය.
මෙම විරෝධතාවය අතර තුර එම ස්ථානයට හිටපු අමාත්‍ය නිමල් ලංසා මහතා පැමිණි අතර ඔහුට ද ප්‍රදේශ වාසීන් දෝෂාරෝපණය කරන්නට වුහ. එහිදී හිටපු අමාත්‍ය නිමල් ලංසා මහතා උද්ඝෝෂණය සදහා පැමිණ සිටි පිරිසට දක්වා සිටියේ සෞඛ්‍ය ඇමතිවරිය සමග සාකච්ඡා කර හෙට දිනම ජනතාව ට විසදුම් ලබාදීම ට පියවර ගන්නා බවයි. මෙහිදී උද්ඝෝෂකයින් අමත්‍යවරයාට පවසා සිටියේ නිසි විසදුමක් ලබා දීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත උද්ගෝෂණයක් පැවැත්වීමට සිදු විය හැකි බවයි.
ජා-ඇල ප්‍රසංග පාවුළුහේවා
under the courtesy of mawbima.lk news web