Thursday, March 5, 2020

රටවල් 70ක කොරෝනා පැතිරෙයි - මරණ 3,200ක් : ආසාදිතයෝ 92,000ක්

මේ වන විට චීනයේ පුද්ගලයන් 2,900ක් මියගිහින් 80,1000ක් ආසාදිත තත්ත්වයේ පසුවනවා
 
කොරෝනා වෛරසය ව්‍යාප්ත රටවල් ප‍්‍රමාණය 70ක් දක්වා වැඩි වී ඇත. එම වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (4දා) වනවිට 3,200 ඉක්මවා ඇත.

එසේම, 92,000 ක් ආසාදිත තත්ත්වයේ පසුවෙති.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ ආසාදිත පුද්ගලයකු සමග සෘජු සම්බන්ධතා පැවැත්වීමේදී, විශේෂයෙන් ඔහු කිවිසන විට පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වශයෙන් මෙය බෝවන බවය.

මේ වන විට චීනයේ පුද්ගලයන් 2,900ක් මියගොසිනි. 80,1000ක් ආසාදිත තත්ත්වයේ පසුවෙති.

ඉරානයෙන් මේ වෛරසය ආසාදනය වූ රෝගීන් 2300 ක් හමුව ඇති අතර මරණ 77ක් වාර්තා වී ඇත. එරට මන්ත‍්‍රීවරුන්ගෙන් 8%කට රෝගය වැළ`දී ඇත. ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ආර්මේනියාව, ඔස්ටේ‍්‍රලියාව, බහරේන්, බෙල්ජියම, බ‍්‍රසීලය, කැනඩාව, ඩෙන්මාර්කය, ඉක්වදෝරය, ඊජිප්තුව, ෆින්ලන්තය, ජර්මනිය, හොංකොං, ග‍්‍රීසිය, ප‍්‍රංශය, ඉන්දියාව, කුවේටය, මැලේසියාව, නේපාලය, නවසීලන්තය, නෝර්වේ, පිලිපීනය, රුසියාව, පකිස්තානය, කටාර්, ඕමානය, සවුදි අරාබිය, ස්පාඤ්ඤය, බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව, වියට්නාමය, දකුණු කොරියාව, ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 70 කට වෛරසය ව්‍යාප්ත ව ඇත.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka