Tuesday, March 3, 2020

උදේ පාන්දර හැංගිලා ඉඳලා අහිංසක කාන්තාවකට අතවර කරන්න ගිය විවාහක කාමාතුරයාට ගම්වාසීන් හොඳට සලකලා

මුස්ලිම් ජාතික විවාහක තරුණයෙක් බව පොලීසිය පවසයි.
වෛද්‍යවරයෙකුගේ නිල නිවසේ සේවය කිරීම සදහා අළුයම කාලයේ පා ගමනින් යමින් සිටි විවාහක කතකට අතවර කිරීමට තැත්කල මුස්ලිම් ජාතික විවාහක තරුණයෙක් ප‍්‍රදේශවාසින් විසින් අල්ලා පොලීසියට බාරදුන් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් තැනැත්තාද අවුරුදු 25 ක් පමණ වයසැති විවාහක ගල්කිරියාගම පොලිස් වසමේ බලලූවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සදහන් කරයි.

මෙම විවාහක කාන්තාව ගල්නෑව පොලිස් වසමේ පදිංචි 35 වියේ පසුවන විවාහක දෙදරු මවක් වන
අතර, ඇය බළලූවැව ප‍්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිට වෛද්‍යවරයෙකුගේ නිළ නිවසේ ගෘහ සේවිකා තනතුර සදහා යන එන බවත්,  අළුයම 5.30 ට පමණ  බස් රථයකට නැගී සේවයට යාම සදහා එම නිවසේ සිට ප‍්‍රධාන මාවතට යන අතරවාරයේ සැකකාර තැනැත්තා ඇය එන තුරු මාවතේ සැඟවී සිට පිටුපසින් ගොස් ඇයගේ කට මිරිකා ඇයව ඔසවාගෙන යාමට තැත් කිරීමේදි ඇය ඔහු සමඟ පොර බදා ඉන් නික්ම ගොස් අසල්වාසින්ට සිද්ධිය සැල කිරීමෙන් අනතුරුව අසල්වාසින් එක්ව සැකකරු අල්ලා ඒ බව පොලීසියට දැණුම් දුන් බවත් පොලීසිය සදහන් කරයි.

සිද්ධිය සැලවීමත් සමඟම පොලිස් කණ්ඩායමක් එහි ගොස් සැකකරු පොලිස් බාරයට ගෙන අතවරයට මුහුණ පෑ කාන්තාව රෝහල් ගත කල බවත්,සැකකරු කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය පැවසීය.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.සී.පෙරේරා මහතාගේ උපදෙස් මත සුලූ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා සඇතුලූ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.සිද්ධිය සම්බන්ධව ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(පොල්පිතිගම නන්දන කැලේගම)

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka