Tuesday, March 3, 2020

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන සතුටුදායක ආරංචියක් මෙන්න

කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරෙන් 1600ක් පමණක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති

3200 කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලම වෙන්කොට රඳවා තිබෙනවා.
 
චීනය හැරුණු කොට වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 4812ක් වාර්තා වී ඇති දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් මෙතෙක් එම වෛරසය ආසාදනය වී නොමැති බව සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සජ් යූ මෙන්ඩිස් පවසනවා.

ඔහු සඳහන් කළේ එරට ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාව පිළිබඳව
විශ්වාසයක් තැබිය හැකි බැවින් ශ්‍රී ලාංකිකයන් අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.

දකුණු කොරියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරෙන් 1600ක් පමණක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර 3200 කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලම වෙන්කොට රඳවා ප්‍රතිකාර ලබා දෙන බව සඳහන්.

කොරෝනා වෛරසයට එරෙහිව යුධ තත්ත්වයක් ප්‍රකාශ කළ ජනාධිපති මූන් ජේ ඉන් සියලු රජයේ ආයතන වෛරසය මැඩලීම සඳහා කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළා.

එරට ප්‍රධාන පෙලේ ක්‍රීඩා තරඟ සහ සංගීත සංදර්ශන ද අවලංගු කර ඇති අතර, රටපුරා පාසල් සහ ළදරු පාසල් වල නිවාඩු කාලය තවත් සති 3 කින් දීර්ඝ කර තිබෙනවා.

ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා වෛරස් ආසාදිත කාන්තාව ඉතාලියෙන් වාර්තා වූ අතර, අලු බදාදා දේව මෙහෙයේදී අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ පාප්වහන්සේ ද කොරෝනා වෛරස් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ශුද්ධෝත්තම පාප් වහන්සේට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

මේ වනවිට ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 52 ක් සහ ආසාදිත සංඛ්‍යාව 2036ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka