දැරිය මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි
අවුරුදු 12 යි මාස 08 ක් වයසැති තම දියණියට කෲර ලෙස පහර දුන් දෙදරු පියකුට ලබන 11 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් සිසිර විජේසූරිය මහතා ඉකුත් 29 වැනිදා නියම කළේය.
මිනුවන්ගොඩ, මාබොදල ප‍්‍රදේශයේ දෙදරු පියකු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කළේය.
පහර කෑමට ලක්වූ දැරිය මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව අධිකරණයේදී සඳහන් විය. සැකකරු බීමත්ව නිතර නිතර දැරියන් දෙදෙනාට පහර දෙන බවත් සැකකරුගෙන් බේරීම
සඳහා දැරියන් නිවස අසල ලඳු කැලෑවේ වැඩි වශයෙන් ජීවත් වන බවට සැකකරුගේ සොහොයුරිය මිනුවන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ල විමර්ශනයේදී අනාවරණය වූ බවත් සැකකාර පියා දැරියගේ මව සමග එක්වී අරක්කු බොන බවටත් පියා විසින් දියණියන්ට පහර දෙන අවස්ථාවේ මව දරුවන්ව බේරා ගැනීමට කිසිදු උත්සාහයක් කර නොමැති බවත් මෙතෙක් කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ පො. කො. සුදත් (38098 අධිකරණය හමුවේ පැවසීය.
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
under the courtesy of divaina.com news web