Thursday, March 19, 2020

සිසුවියක ගැබිනියක කළ සැකකරු දැලේ

තරුණිය 2019 වසරේ අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට මේ වනවිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිට ඇත.
 
අවුරුදු 17ක් වයසැති පාසල් දැරියක දූෂණය කර පස් මස් ගැබිනියක් කිරීමේ චෝදනාවට සැකපිට මස්කෙළිය, ලකඹේ පෞද්ගලික තේ වතුයායේ අවිවාහක තරුණයකු පොලිසිය මඟින් පෙරේදා (17දා) අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිසිය පවසනවා.

සැකකරු හා මෙම දැරිය මස්කෙළිය, ලකඹේ තේ වතුයායේ එකම වතු නිවාස පේළියේ පදිංචිකරුවන් වන අතර සැකකරු 27 හැවිරිදි තරුණයෙකි.

දැරියගේ මව හා පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව ඇති බවත් ඇය වැඩිමහල් සොහොයුරා සමඟ නිවෙසේ සිට ඇති බවත් පොලිසිය කියයි. සැකකරු දැනට වසර 2ක පමණ කාලයක සිට මෙම දැරිය වරින් වර දූෂණය කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවද කියයි.

මෙම තරුණිය 2019 වසරේ අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට මේ වනවිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිට ඇත.

දැරියගේ මව මස්කෙළිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව දැරිය දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව පස් මස් වියැති ගැබිනියක් බවට වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වූ බව මස්කෙළිය පොලිසිය පවසයි. මේ වනවිට දැරිය දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වන්නීය.

හැටන් - චන්න අද්දරගේ 
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka